වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්
Thursday, 04 May 2023 - 10:12 | Views - 212
මැයි මාසයේ මුල් දින කිහිපයේ පමණක් ඩෙංගු රෝගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් මුළු දිවයිනෙන් ම වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය පෙන්වා දුන්නේ, ඉදිරියේදී ඇති වන වර්ෂා කාලයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
එම තත්ත්වය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් එය වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා.
Share This Article