ක්ෂය රෝගයේ භයානක පැත්ත
Wednesday, 03 May 2023 - 12:23 | Views - 493
2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 301දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා.
වෛද්‍යවරු පවසන්නේ ජනතාවගේ නොදැනුවත්කම හා රෝගීන් නිසි ප්‍රතිකාරවලට යොමුනොවීමෙන්, මේ වසරේ මුල් මාස කිහිපයේදී ද එම තත්ත්වයේ අඩුවක් නොමැති බව යි.
ක්ෂය රෝගය වැළඳී, හඳුනානොගත් රෝගීන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් සමාජය තුළ සිටින බවටද අනුමාන කරන අතර,
රෝගී පුද්ගලයෙකු කහින විට, කතාකරන විට, කිවිසුම් යවන විට, සිනාසෙන විට, නිරෝගී පුද්ගලයකුට වාතය හරහා එය බෝ වීමට බොහෝ විට ඉඩ ඇති බවද සඳහන්.
එසේම , මෙම රෝගය බැක්ටිරියාවක් මගින් පැතිර යන බවටද වාර්තා වල සඳහන්.
Share This Article