ලිංගික බෙලහීන බව සඟවන්න ඕනෑ නෑ - බලගතුම ඔසුවෙන් ඔබට සුවවෙන්නෙ පුළුවන්
Tuesday, 02 May 2023 - 12:48 | Views - 596

බොහෝ පිරිමින්, කුමන හේතුවක් නිසා හෝ ලිංගික බෙලහීනතාවට ලක්වීම වෙනදාටත් වඩා අද වැඩි වී ඇති බවත් වෛද්‍යවරු හමුවට පැමිණ කියන කතා අනුව පෙනෙන්නකි. මින් බහුතරයක් දෙනා එම බෙලහීන බව සඟවාගෙන කටයුතු කරන්නේ එය පිටතට කියාගන්න බැරි ලැජ්ජාවට , අපහසුතාවට ලක්වෙන නිසයි.තවත් සමහරු මේ බෙලහීනතාවට තමන්ගේ හිතවතුන් කියන කරන ගොඩ වෙදකම්ද කරගන්නෙ රහසින්. ඒ බොහෝ ඒවා වෙදකම්වලට වඩා ප්‍රාථමික දේවල්. සමහරු විටමින් වර්ග කෙරෙහි විශ්වාසය තබනවා. තවත් සමහරු වෛද්‍ය නිර්දේශයෙන් තොරව, අසනීප තත්ත්වයන් රැසක් මැද වුව ලිංගික උත්තේජන පෙති භාවිත කරනවා. ඒ නිසාම මරණයටත් පත් වෙනවා. ඊට ප්‍රධානම හේතුව ඒවා වෛද්‍ය නිර්දේශ මත නොවීමත්, නොගැළපෙන අධිමාත්‍රා නිසාවෙනුත් බව කිව යුතුයි.නමුත් දේශීය වෙදකමේ බොහෝ සරල ප්‍රතිකාර සහ සත්කාර බොහොමයක් තියෙනවා. නමුත් ඒ බව බොහෝ අය දන්නෙම නෑ. කිසිදු හානියකුත් නෑ. ස්වාභාවිකව ශරීර ක්‍රියාවලිය සිදුවීම සඳහා වූ ඔෟෂධීයමය දේවල්. මෙහිදී ඉතා වැදගත්ම ඔසුවක් ගැනයි මේ දැනුවත් කිරීම.රෝගාබාධ කිහිපයක්ම සුවපත් කිරීම සඳහා ආයුර්වේදයේ යොදාගන්නා වටිනාම ඔෟෂධයක් තමයි ‘නීරමුල්ලිය’ ශාකය. මෙය ගමේ ගොඩේ ඇතැම් අය ව්‍යවහාර කරන්නේ ‘ඉකිරිය’ විධියටයි. විශේෂයෙන්ම ආයුර්වේදයේ මෙම ඔසුව හඳුන්වන්නේ ‘මුත්‍රකාරක ඔෟෂධයක්’ ලෙසටයි. ඒ නිසාම අපේ මාතෘකාවට මෙය ප්‍රධානයි.මුත්‍රා ගතිය හොඳින් ඇති කරන, මුත්‍රා පිටකරන ඔෟෂධයක් නිසාම නීරමුල්ලිය ඉතා වටිනා ඔෟෂධයක් ලෙස ගැනෙනවා. ආයුර්වේදයට අනුව මුත්‍රා ඝාත (මුත්‍රා හොඳින් පිට නොවීම) මුත්‍ර අශ්මරි (මුත්‍ර ගල්), මුත්‍ර කෘච්ජ (මුත්‍ර අපහසුවෙන් පිටවීම) යන තත්ත්වයන්ට ඉතා ගුණ කාරක ඔසුවක්. එසේම වකුගඩු හා මුත්‍රා නාළවල මුත්‍රාශය ගල්වලටත් ඉතාමත් ගුණයි.කෙසේ වෙතත්, මෙම ඔසුව නිසි වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව භාවිත කළ යුතු නැහැ. සිතූ හැටියට භාවිත කිරීම හොඳ නෑ. ඊට හේතුව නම් ඔබ පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔබේ රෝගී තත්ත්වය හොඳින් විමසා බලා එය අවබෝධ කරගත් පසු මෙම ඔසුව කෙසේ ගත යුතුදැයි කියන නිසයි. එසේ නමුත් මෙය හානිකාරක ඔසුවකුත් නොවෙයි.අප හොඳින් දන්නවා මුත්‍රවල විසබීජ ඇති රෝගීන්ද සිටිනවා. එය ආසාදන තත්ත්වයක් නිසා මෙම ඔසුව ඉතා වටිනවා. නීරමුල්ලිය ශාකයේ පංචාංගයම ඔසු හැටියට ආයුර්වේදයේ යොදා ගැනෙනවා.එම නිසා නීරමුල්ලිය ඇට ඉතාමත් ගුණදායක වන්නේ ලිංගික බෙලහීනතාවන් ඇති පිරිමින්ටයි. එම තත්ත්වය සුවකර ශුක්‍රාණු නිෂ්පාදනය හොඳින් කෙරෙන තත්ත්වයට ගෙන එනවා. ඉතා ගුණ පෙන්වනවා. වෛද්‍යවරයකුගේ උපදෙස් මත දියවැඩියා රෝගීන්ටද මේ ඔසුව ගත හැකියි. විශේෂයෙන්ම අක්මාව ආරක්ෂා කිරීමේදී මෙය ප්‍රබලයි. පුරුෂයන්ට මෙය වාජීකරණ ඔසුවක්.මොළයේ ස්නායු පුබුදුවන එහි නිරෝගී බව ඇතිකරවනවා. ආතරයිටීස් වැනි රෝග ප්‍රදාහ තත්ත්ව, ඉදිමුම් සඳහාද ගුණයි. අධිරුධිර පීඩනය ඇති රෝගීන්ටත් වටිනවා.කෙසේ වෙතත්, විශේෂයෙන් ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන රෝගියකු වෙත්නම් ඔහු යා යුත්තේ දැනුමැති ආයුර්වේද වෛද්‍යවරයකු වෙතයි. එතුමා ඔබට ‘නීරමුල්ලිය’ ගැනත් ඔබේ රෝගී තත්ත්වය සුවවීමට ඕනෑ කරන පැහැදිලි කිරීමත් කර දේවි. ඔබ සතුටින් සිටීවි.
විජිත කේ. පතිරණ
මව්බිම - උපුටා ගැනීමකි
Share This Article