සැමියා හොයන්න අසභ්‍ය චිත්‍රපටි එකතු කරපු බිරිඳක්
Sunday, 30 April 2023 - 12:37 | Views - 649

මම ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක උපාධිධාරිනියක්. සැමියා ඉංජිනේරුවරයෙක්. අපි දෙදෙනා දරුවන් දෙදෙනාත් සමග කලකට ඉහත අමෙරිකාවට ගියේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න. මුල් දවස්වල අපි ඉතා හොඳින් කාලය ගත කළා. දෙවැනි දරුවාට අවුරුදු පහක් වනවිට සැමියගේ වෙනස්වීම් මට දැනෙන්න පටන් ගත්තා. වෙනදාමෙන් නොමැතිව පමාවෙලා ගෙදර පැමිණීම. අනවශ්‍ය වෙලාවට දුරකථන ඇමතුම් ලැබීම, මේ ගැන විමසූ විට ඔහු පවසන්නේ රාජකාරී අවශ්‍යතාවලට එලෙස පමාවෙන බවයි. ඉන්පසු මම කුමක් හෝ සැමියා පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට ඔහුගේ දුරකථනය බලන්න පුරුදු වුණා. වෙනත් කාන්තාවක් සමග කිසියම් සම්බන්ධයක් තිබෙනවාද කියා මා ප්‍රශ්න කළා. ඒ හැම වෙලාවකම ඔහු එක හෙළාම එය ප්‍රතික්ෂේප කරනවා. එහෙම වෙලාවට ඔහු මට පිස්සු කියන අවස්ථා තිබුණා. මම සැමියාගේ රැකියා ස්ථානයට පවා නොකියා ගියේ මේ ගැන ටිකක් හොයන්න. 

ඔහු නිතර  නිතර මා සමග රණ්ඩු වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වයෙන් මගේ දරුවන්ටත් යම් බලපෑමක් පවා එල්ල වුණා. අවසානයේ සැමියා තීරණය කළා අපත් රැගෙන ආපසු ලංකාවට එන්න.

ලෙස නැවත ලංකාවට ආවේ නැවතත් ජීවිතය අලුතෙන් පටන් ගන්න හිතාගෙන. ලංකාවට පැමිණි පසුව සැමියා ගැන මා තුළ තිබෙන සැකය නැති වෙතැයි මට හිතුණා. එන්න එන්න  මගේ හිතේ සැකය වැඩි වෙන්න පටන් ගත්තා. එයා කාර්යාලයට යන පසුපස මම ත්‍රීවිල් හයර් කරගන යනවා. ජංගම දුරකථනයට ලැබී තිබෙන ඇමතුම් මොනවද කියල චෙක් කරනවා.

දවසක් සැමියගේ දුරකථනයේ තිබී මට අසභ්‍ය වීඩියෝවක් දකින්න ලැබුණා. එහි හිටියෙ ලංකාවෙ වගේ පිරිමි කෙනෙක්. මට එක්වරම වැටහුණා මේ නම් ඉන්නේ මගේ සැමියා කියලා. මුහුණ හරියට පෙනුණෙ නැහැ. 

ඉන්පසු මම අසභ්‍ය වෙබ් අඩවිවල තිබෙන එවැනි අයගේ වීඩියෝ ඩවුන් ලෝඩ් කළා. දවස පුරාම මම කළේ ඒවයින් ගිහින් කළුපාට ශරීරයක් තිබෙන මහත්තයාට සමාන සිරුරක් තිබෙන අය ඩවුන් ලෝඩ් කරගැනීමට. මම එහෙම කළේ දවසක සාක්ෂි විදියට ඒව මට පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඇප් එකක් හෙවත්  යෙදුමත් හොයා ගත්තා සැමියා යන යන තැන් චෙක් කරල බලන්න. එමගින් මම දිනපතාම ඔහු යන හැම තැනක්ම පරීක්ෂා කළා. දවසක් සැමියාගෙ දුරකථනයේ මට වැටහුණා අනුරාධපුරයේ ගොස් තිබෙන බව. එය රාජකාරී ගමනක් බව පැවසුවත් මට වැටහුණා සැමියාගෙ සම්බන්ධය තිබෙන කාන්තාව අනුරාධපුරයේ සිටින බව. මම දුරකථනය පමණක් නොව හැම දෙයක්ම පරීක්ෂා කළත් මට කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වුණා. මම මගේ දරුවන් සමග ගත කරන කාලය ටිකෙන් ටික අඩුවුණා. මුළු දවස තිස්සෙ කරන්නෙ සැමිය කොහේද ඉන්නෙ  මොනවද කරන්නෙ කියල සොයා බැලීමයි. සැමියාගේ මව ඒ කියන්නේ මගේ නැන්දම්මා ජීවත් වුණේ අපත් සමගමයි. පැවතුණු මේ තත්ත්වය  මටත් මහත් ප්‍රහේලිකාවක්. මම දුරකථනයට ඕනෑවට වඩා කාලය ගත කරන බව පවසමින් නැන්දම්මාත් මට දොස් පවරනවා. 

කෙසේ වුවත් මට අවශ්‍ය වුණේ සැමියාගේ මේ නරක ක්‍රියා පවුලේ ඒ අයටත් දැන ගැනීමට සලස්වන්න. සැමියාගේ පවතින චරිත ලක්ෂණ ඔප්පු කර පෙන්වීමයි මගේ එකම අරමුණ වුණේ. මට මුළු දවසම පිස්සු වගේ. දවසම අසභ්‍ය වීඩියෝ තිබෙන වෙබ් අඩවිවලින් ඇප් එකෙන් සැමියා පරීක්ෂා කරමින් සිටියා. ඔහු ගෙදර ආවිට මම ප්‍රශ්න කරනව දිනපතාම අඬදබර ඇති වන තත්ත්වයට පවුල් ජීවිතය අවුල්. මේ අඬදබරවලින් දරුවන්ටත් බලපෑම් ඇතිවුණා. දරුවන් නිතරම බියෙන් කාලය ගෙවන්න පටන් ගත්තා. බැරිම තැන දවසක් මා දන්න හඳුනන අක්ක කෙනෙක් ඇය දන්නා මනෝ වෛද්‍යවරයකු මුණ ගැසීමට යාමට මට කතා කළා. ඒ අනුව මම මනෝ වෛද්‍යවරයකු ළඟට ගියා. මේ වනවිට සැමියා සිටියේ දික්කසාද නඩුවක් පවා දැමීමට සූදානමින්.

සැකයක් හට ගන්නා අවස්ථා තිබෙනවා. මෙය සැකයක් ලෙස පටන් ගන්නා  නිසා බොහෝ දෙනෙක් එය මානසික රෝගයක් කියා හිතන්නෙ නැහැ. ඩිලුෂනල් ඩිසෝඩර් තත්ත්වයේ පසුවන මා වැනි කෙනකු අතින් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන නිසා ඖෂධ ප්‍රතිකාර ගැනීමට උනන්දු නොවන බවයි වෛද්‍ය මතය. එහෙත් මෙය දරුණු ගණයේ මානසික ගැටලුවක් බව මනෝ වෛද්‍යවරයා පෙන්වා දුන්නා. 

මෙවැනි මානසික ගැටලුවකට මැදි වූ බොහොමයක් අය මනෝ වෛද්‍යවරුන් හමුවට එනවිට සෑහෙන කලක් ගතව ඇති බැවින් ප්‍රතිකාර කිරීම අපහසු බවයි පවසන්නේ. ඖෂධ ප්‍රතිකාර කළ යුතු වන්නේ සුළුවෙන් පටන්ගෙන ටිකෙන් ටික වැඩි කිරීමෙන් නිසා පමාවී පටන් ගත් විට සුව කිරීමේදී බාධා පැමිණෙන බව වෛද්‍යවරයා පැවසුවා. මෙහි තිබෙන භයානක තත්ත්වය වන්නේ සුළුවෙන් පටන් ගන්නා සැකය ක්‍රමයෙන් විශාල තත්ත්වයට පත්වීමයි. එවිට තමන්ගෙ නම කැතවීම ජීවිතය අවුල් සහගත තත්ත්වයට පත්වීමත් දරුවන් ඉදිරිපිට රණ්ඩු දබර ඇතිවීමට පටන් ගන්නවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය පවා කඩා වැටෙනවා. ඔවුන් ජීවිතයේ වෙනත් වෙනත් දේවල්වලට යොමුවීමට පවා ඉඩ තිබෙනවා. මෙහි තිබෙන ලොකුම ගැටලුව නම් තුන්වැනි පාර්ශ්වයක් ගැනත් සැකයක් මතුවෙන්න ඇති හැකියාවයි. අසවල් කෙනා මගේ  ස්වාමි පුරුෂයා සමග අනියම් සම්බන්ධකමක් තිබෙනවා කියා එවිට එම තුන්වැනි පාර්ශ්වයට මරණ තර්ජනය පවා ඇතිකර සමහර විට මිනී මැරුම් පවා සිදු කිරීමට පුළුවන්.

සමහර විට මෙම රෝගය තිබෙන අය අතර සිටින වෙනත් කෙනකුට විෂාදය වැනි මානසික රෝග ඇතිවීමට පවා ඉඩ තිබෙනවා. 

දිගටම මෙලෙස පවතින විට දරුවන්ට පවා මානසික අසහනය ඇතිවීමට ඉඩ තිබෙනවා. එයම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකියි. ඉතා උග්‍ර තත්ත්වයට පත් වුවහොත් එම රෝගියා නේවාසික මනෝ වෛද්‍ය සායනයක තබාගෙන ප්‍රතිකාර ලබාදීමට සිදුවෙනවා. අනෙකාට ශාරීරික හානියක් සිදු කිරීම දක්වා මෙම රෝගය දුර දිග යා හැකි තත්ත්වයක තිබේ නම් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උදව් ද ලබාගත හැකියි. එවිට ඔවුන් හරහා මනෝ වෛද්‍යවරයකු වෙත යොමුවෙන්න පුළුවන්.

සැකය යන්න ඕනෑම අයකුට හටගත හැකි මානසික රෝගයක්බව සෑම කෙනකුම අවබෝධ කර ගැනීම වැදගත්.


ආරියසේන හඳුවල 
සිරිකත

Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top