වසංගතයක් පැතිරයාමේ අවදානමක් ?
Saturday, 29 April 2023 - 10:07 | Views - 277

ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුවී තිබෙනවා.
මෙම වසරේ ජනවාරි සිට අප්‍රේල් 26 දක්වා ගතවු මාස හතරකට ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19ක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ බව අනාවරණය වුනේ පසුගිය දා (27) පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමට සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටි ආරච්චි විසින් සිදු කළ ප්‍රකාශයක දීයි.
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුල පමණක් මී උණ රෝගින් 224 වාර්තා වී ඇති අතර එම කාලය තුළ සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව 19ක් බවයි එහිදි වෛද්‍යවරයා පවසා තිබෙනවා.
මෙම මරණ අතර අවුරුදු 13ක පාසල් සිසුවියක්ද සිටින බවයි වාර්තා වන්නේ.
මේ වනවිට දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වන්නේ කරන්දෙණිය, බද්දේගම, ඉමදුව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල, හබරාදුව යන යකොට්ඨාසවල බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
2015 වසරේ සිට මේ වනවිට ලංකාවේ වැඩිම මි උණ මරණ වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්.
එක් මීයෙකුගෙන් වසරකට පැටව් දෙදහසක් පමණ බෝවන බවට අනාවරණය වී ඇති අතර ලංකාවේ මී උණ වැළදෙන්නේ මී මුත්‍රාවලින් වුවත් මී හරකාගෙන් සහ බල්ලාගෙන්ද බෝවිමට හැකියාව පවතින බවට අනාවරණය වී ඇති බවත් වෛද්‍යවරයා එහිදී සඳහන් කළා.
මේ නිසා මී ගහනය පාලනය කිරීමට වහාම පියවර යුතු බවත් වැඩිදුරටත් පවසන ලද තොරතුරු වල සඳහන්.
බොහෝවිට මෙම රෝගය වැළඳීම සිදුවන්නේ දිනපතා කුඹුරු වැඩ සිදු කරන පුද්ගලයින්ට පමණි.
නමුත් අද වන විට කුඹුරු ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් වල නිරතවනන් හටද මෙම රෝගය වැළඳීමේ අවධානම ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
පාදවල සුලු හෝ තුවාලයක් තිබේ නම් කුඹුරු ආශ්‍රිත ක්‍රියාකාරකම් නොකරන ලෙසත් මී මුත්‍රාවල බැක්ටිරියාවක් මගින් මෙය සීඝ්‍ර වශයෙන් බෝ වීමේ අවධානම ඇති බවත් ඔහු කියා සිටියා.
උණ ඇඟපත වේදනාව හිස කැක්කුම ආදි රෝග ලක්ෂණ තිබේනම් වහාම සුදුසකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීම වැදගත් බව මෙම රැස්වීමේ දී සාකච්ඡා කළ කරුණු අතර සඳහන්.
Share This Article