අමු කහ සහ කිරිවලින් සත්කාරයක් - ලස්සන වෙන්න මෙන්න ක්‍රමය
Monday, 24 April 2023 - 12:55 | Views - 323
මුහුණේ සමේ ඒකාකාරී පැහැයක් නොතිබීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් මුහුණේ සමහර තැන් පැහැපත්වත් සමහර තැන් අඳුරු පැහැයෙනුත් තියෙන්න පුළුවන්. මේ තත්ත්වය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ හයිපර් පිග්මන්ටේෂන් නමිනුයි. මේ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. හෝමෝන අසමතුලිතතාව මෙයට ප්‍රධාන හේතුවක්. සම වයස්ගත වීමේදී සහ හිරු එළියට සම පිලිස්සීමේදීත් මේ හයිපර් පිග්මන්ටේෂන් කියන තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

බොහෝ දෙනෙක් කරන්නේ කන්ඩිෂනර්, ෆවුන්ඩේෂන් ක්‍රීම් වැනි දේවල්වලින් මේ අඳුරු පැහැති තැන් ආවරණය කිරීමයි. එහෙත් එය ස්ථීර විසඳුමක් නෙවෙයි. හෝමෝන අසමතුලිතතාව නිසා ඇතිවන හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් මග හරවා ගැනීමට පුළුවන්. වයස්ගතවීම නිසා ඇතිවන සමේ ඒකාකාරී වර්ණයක් නොමැතිවීම ස්වාභාවික සත්කාර මගින්ද අවම කරගන්න පුළුවන්.


මුහුණේ සමට ඒකාකාරී වර්ණයක් ලබා ගැනීමට අධික මුදලක් වියදම් කර රූපලාවන්‍ය ප්‍රතිකර්ම වෙනුවට නිවසේදීම හදාගන්න පුළුවන් ස්වාභාවික සත්කාර ක්‍රමවලට යොමු වෙන්න පුළුවන් නම් කෘත්‍රිම රසායන නිසා සමට සිදුවිය හැකි හානිය අවම වෙනවා.

අමු කහ සහ කිරිවලින් සත්කාරයක්

අමු කහ සහ යෝගට් හෝ කිරි ප්‍රතිකර්මය ඉතා පහසුවෙන් නිවසේදී කළ හැකි ප්‍රතිකර්මයක්. එයට කහ කුඩු වෙනුවට අමු කහ යොදා ගැනීම වැඩි ප්‍රතිඵලදායකයි. අමු කහ හොඳින් අඹරාගෙන කිරි හෝ යෝගට් කලවම් කර මුහුණේ ආලේප කරන්න. සතියකට දෙතුන් වතාවක් මේ ප්‍රතිකර්මය කරන්න පු`ඵවන් නම් සමේ තිබෙන අඳුරු පැහැය අවම කරගන්න පුළුවන්.

සමහරුන්ගේ කට වටේ තද කළු පැහැයකින් යුක්තයි. මේ තත්ත්වය හෝමෝන අසමතුලිතතාවක් නිසාත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වඩාත් හොඳයි. වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන අතරතුර අමු කහ සහ කිරි සත්කාරයත් කිරීමෙන් කට වටේ අධික කළු පැහැය මගහරවා ගන්න පුළුවන්.

සම පැහැපත් කරන රතුලූනු යුෂ

රතු ලුනු යුෂ සමේ අඳුරු පැහැ කොටස්වලට පැහැපත්බවක් දෙන්න පුළුවන් විශේෂ ඔසුවක්. විශේෂයෙන්ම කට වටා තද අඳුරු පැහැයක් තිබේ නම් මේ සත්කාරය ඉතාමත් සුදුසුයි. රතු ලූනු ගෙඩියක් හොඳින් කොටාගෙන හෝ තළාගෙන යුෂ මිරිකා ගන්න. මේ යුෂයට දෙහි යුෂ ස්වල්පයකුත් එකතු කර තද කළු පැහැ ස්ථානවල ආලේප කරන්න. මේ මිශ්‍රණයටම පිරිසුදු පොල් තෙල් ටිකකුත් මිශ්‍ර කර ආලේප කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

සතියට දෙවරක් සුදු හඳුන් ආලේප කරන්න

සුදු හඳුන් සමේ අඳුරු පැහැය අවම කර සමට ඒකාකාරි වර්ණයක් දෙන්න පුළුවන් අමු ද්‍රව්‍යයක්. සුදු හඳුන් කෑල්ලක් ගල ගා ඒ තලපය මුහුණේ ආලේප කර ටික වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න. මේ ප්‍රතිකර්මයත් සතියට දෙතුන් වතාවක් කිරීමෙන් සමේ අඳුරු පැහැ කොටස්වලටත් පැහැපත්බවක් ලබාගන්න පුළුවනි.

අර්තාපල් යුෂ සත්කාරයත් සමේ අඳුරු පැහැය මග හරවා ගන්න උපකාරීවෙනවා. අර්තාපල් කැබැල්ලක් ගෙන මුහුණේ අඳුරු පැහැති ස්ථානවල අලේප කිරීමෙන් කෙටි කලකදී අඳුරු පැහැ ස්ථාන පැහැපත් බවට පත්වෙයි.

කඩල පිටි ටිකකට කිරි ටිකක් එකතු කර සාදාගන්නා පැක් එකත් සමේ අඳුරු පැහැය මගහරවාගන්න උපකාරී වෙනවා.

කොත්තමල්ලි තලපය

කොත්තමල්ලි කුඩු ටිකකට මී පැණි ටිකක් එකතු කර හදාගන්නා තලපයත් මුහුණේ, සමේ ඒකාකාරී පැහැපත්භාවයක් ඇති කර ගැනීමට උපකාරී වන සත්කාරයක්. සමේ අඳුරු ප්‍රදේශ පැහැපත් කිරීමේ විශේෂ හැකියාවක් කොත්තමල්ලි සතුව තියෙනවා.

අශ්වගන්ධ පවුඩර් සමේ අඳුරු පැහැය අවම කරන්න භාවිතා කරන්න පුළුවන් සාර්ථක අමුද්‍රව්‍යයක්. අශ්වගන්ධ කුඩු ආයුර්වේද වෙළෙඳසැල්වලින් මිලදී ගන්න පුළුවන්. අශ්වගන්ධ කුඩු මේස හැන්දකට හොඳින් තළාගත් ඉඟුරු තේ හැඳි බාගයක් සහ දෙහි යුෂ මේස හැන්දක් කලවම් කර මුහුණේ ආලේප කරන්න.

පිරිසුදු පොල් තෙල් සමේ අඳුරු ස්ථානවල ආලේප කර සම්බාහනය කරන්න. පොල් තෙල්වලට අමතරව සඳුන් තෙල්, ඔලිව් තෙල් සහ තල තෙල්වලිනුත් මුහුණ සම්බාහනය කිරීමෙන් මුහුණේ අඳුරු කොටස්වලට පැහැපත්බවක් ලැබෙනවා.


සටහන - නයනා උදයංගනී
සිරිකත 

Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top