මදයට වඩා බීජය පෝෂණ ගුණයෙන් ඉහළ - අලිගැටපේර
Monday, 24 April 2023 - 9:41 | Views - 208

අලිපේර එහෙම නැත්නම් අලිගැටපේර කියලා හඳුන්වන්නේ ලොකු කුඩා හැමෝම කෑමට ප්‍රිය කරන ගුණදායක පලතුරක්. අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක බොහෝමයක් අඩංගු අලිගැටපේරවලට ලොව පුරා තිබෙන්නේ විශාල ඉල්ලුමක්. මේවායේ අධික කැලරි සහ කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු නිසා දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැති බවට විශ්වාසයකුත් බොහෝ දෙනා අතර පවතිනවා. කොහොම නමුත් සතියකට වරක්වත් අලිගැට පේර ගෙඩියක් ආහාරයට ගැනීම මිනිස් සිරුරට ඉතාමත් හිතකර බව නම් රහසක් නොවෙයි.
මධ්‍යම ඇමරිකානු ප්‍රදේශ නිජබිම වූ අලිගැටපේර කියන්නේ විශාල බීජයක් සහිත බෙරි වර්ගයක් විධියට ඇතැම් විද්‍යාඥයන් හඳුන්වා තිබෙනවා. අලිගැටපේරවල විශාලම වාසිය හිමිවෙන්නේ අපගේ සමට නිසා රූපලාවණ්‍ය කටයුතු සඳහා කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය පලතුරක්. ඒකට හේතුව තමයි මෙහි විටමින් ඡ් සහ විටමින් ඛ් බහුලව අන්තර්ගත වීම.
අලිගැටපේර විවිධ අයුරින් ආහාරයට ගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ අතරින් අලිගැටපේර බටර් දැමූ සැන්ඩ්විච් ලෝකයේ සෑම රටකම පාහේ අවන්හල් සහ හෝටල්වල ඉතා ජනප්‍රිය ආහාරයක්. අලිගැටපේරවල මදය පමණක් නොවෙයි එහි බීජයද ගුණාත්මක බවින් පිරිපුන් බව ඔබ මීට පෙර දැන නොසිටි කාරණයක් වන්නට ඇති. බොහෝ දෙනා සිදුකරන දෙයක් තමයි අලිගැටපේර මදය පමණක් ආහාරයට ගෙන බීජය ඉවත් කිරීම. නමුත් අධ්‍යයනයන්ට අනුව හෙළි වී තිබෙන්නේ අලිගැටපේර මදයට වඩා එහි බීජය පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් බවයි. ලංකාවේ ඔබ බොහෝදුරට අසා නොමැති වුවද අලිගැටපේර බීජවලින් සෑදූ තේ පානය ලෝකයේ බොහෝ රටවල බහුලව භාවිත කරන පාන වර්ගයක්. ඒ ආකාරයේ අලිගැටපේර ගැන ඔබ නොදන්නා දේවල් නම් කොච්චර ඇතිද? අද ඒදඨඥතඵ වෙතින් අපි කියන්න සූදානම් වන්නේ රසවත් ගුණවත් අලිගැටපේර ගැන.
චමෝදි පෙරේරා
Share This Article