ආදරේදී සැක කරන එක ලෙඩක් ද?
Friday, 24 March 2023 - 13:39 | Views - 2,568
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ මන්ද මම මොනව කරත් වැරදී" "ගෙදරින් නම් අවුලක් නෑ ඒත් එයා කැමති නෑ" ආදී ප්‍රකාශ පෙම්වතුන් හා පෙම්වතියන් පමණක් නොව විවාහක පාර්ෂවයන්ගෙන් ද ඕනෑතරම් අහන්න ලැබෙනවා.


මම ඉතින් ඔයාට ආදරෙයි නේ ඒකනේ මෙච්චර වදවෙන්නේ...ඒකනෙ මෙච්චර හොයල බලන්නේ…" එවැනි ප්‍රකාෂ වලටත් ඇතැම්විට ඔබ පුද්ගලිකවම මුහුණ දීලා ඇති.

ආදරේ යැයි පවසමින් උව ද ඔහු හෝ ඇය ඔයා පිළිබඳව නිරන්තරයෙන් කරැණු සොයාබැලීම ඔබට මහා හිසරදයක් වී ඇති අවස්ථා පිළිබඳව ඔයාට අද්දැකීම් තියෙන්න පුලුවන්. ඒත් ඔයා ඔහුට / ඇයට ඇති ආදරය හෝ වෙනයම් සාධක නිසා ඒවා ඉවසාගෙන ඉන්නවා වෙන්න පුලුවන්.

ඒ කොහොම උනත් ප්‍රේමයෙන් බැඳෙන්නට පෙර ඔයාට මේ පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්.

ආදරය නිසා බව හඟවමින් ඔයාට කරදරයක් වන මට්ටමට පෙම්වතා / පෙම්වතිය ඔයා පිළිබඳව අධික විමසිල්ලෙන් සිටීමට මානසික ව්‍යාකූල තත්වයක් හේතුවෙන්න පුලුවන් බව ඔයා දන්නවා ද..?

මෙම තත්වය Morbid jealousy යනුවෙන් හදුන්වන්න පුලුවන්. මේ රෝග තත්ත්වය delusional disorders වර්ගයට අයත් මානසික රෝගී තත්වයක් වන අතර ලිංගික ඊර්ෂ්‍යාව ලෙස ද සරල බසින් හදුන්වන්නේ මෙම මානසික ව්‍යාකූල තත්වයයි. මෙම රෝගයේදී රෝගියා විසින් තම පෙම්වතා / පෙම්වතිය / සැමියා බිරිඳ එසෙත් නැතිනම් තම ලිංගික සහකරු අහේතුකව සැකකරන්න පෙළඹෙන්න පුලුවන්.

ඉතිං ඔහු හෝ ඇයත් මෙවැනි ලක්ෂණ ඔයා කෙරෙහි පෙන්නුම් කරනවානම් ඔබ ඒ පිළිබඳව දෙවරක් සිතීම වැදගත්.

01.තම සහකරු / සහකාරිය අනෙත් පුද්ගලයන් දෙස බැලීම හා අවධානය යොමු කිරීම ගැන දෝෂාරෝපණ එල්ලකරයි.

02.තම සහකරු / සහකාරියගේ හැසිරීම ගැන නිතර ප්‍රශ්න කරයි.

03.සහකරු / සහකාරියට ලැබෙන දුරකතන ඇමතුම් නිර්නාමික දුරකතන ඇමතුම් හදිසි ඇමතුම් ගැන සැක උපදවයි.

04.ෆේස්බුක්, ට්විට්ටර් වැනි සමාජ මාධය භාවිතා කිරීමට නොදෙයි. ඉඩ දුන්නද ඔබගේ ගිනුමේ මුරපදය පිළිබඳව ඔහු / ඇය දැනුවත් කිරීම අවශ්‍ය බව පවසයි.

05. නිතර නිතර තම සහකරු / සහකාරිය සිටින ස්ථානය හා කා සමග සිටීද යන්න අසාමාන්‍ය ලෙස සොයා බලයි.

06.පවුලේ සමාජිකයන් හා මිතුරන් සමග ඇසුරු කිරීම පවා වරදක් සේ දකියි. ඒ සඳහා කොන්දේසි පනවයි.

07. නිවසින් පරිබාහිරව විනෝදංශ වලට යාම මිතුරු ඇසුරට තහංචි දමයි.

08.සමාජමය ක්‍රියාකාරීත්වය නිතර පාලනය කරයි ඔහු / ඇය හුදෙකලා වන තරමට කැමතිය.

09.පෙර පැවති පෙම් සබඳතා යළි යළිත් මතකයට නඟමින් ඔහු / ඇය සමග රණ්ඩු ඇතිකර ගනී.

10.දැනටත් පෙම් සබදතාවක් හෝ රහස් ලිංගික සබඳතාවක් ඇතැයි කියමින් එය නවතා දමන ලෙස බල කරයි.

11.දෝෂාරෝපණය කිරිම තර්ජනය කිරීම මෙන්ම පහරදීම් සිදුකරයි ඇතැම්විට අමානුෂික ලෙස පහරදෙයි.

12.තමාටද හානි කරගැනීම මෙන්ම තුන්වන පාර්ෂවයකට වුවද පහරදීම් තර්ජනය කිරීම් සිදු කරයි.

මෙම තත්වය සඳහා ප්‍රධාන වශයෙන් සාදක කිහිපයක් බලපානු ලබයි.

01.ජානමය සාධක.
02.මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය.
03.ලිංගික බෙලහීනතාවයන්.
04.ඇතැම් ස්නායු ආබාධ.
05.පැරණි පෙම් බැදුම් නිසා ඇතිවූ අමිහිරි අද්දැකීම්.

මෙවැනි තත්වයන් බොහෝ දෙනෙක් "ආදරය නිසා එහෙම කරනවා ඇති" ලෙස සිතමින් එය නොසලකා හැරීමට කටයුතු කරයි. මෙය මානසික ව්‍යාකූල තාව රෝගයක් දක්වා වර්ධනය වුවහොත් තත්වය භයානක වෙන්න පුලුවන්. තම පෙම්වතා / පෙම්වතිය ඝාතනය කරමින් තමන්ද සියදිවි නසාගන්නා මට්ටමට මෙය වර්ධනය වෙන්න පුලුවන්.

හැබැයි මතක තියාගන්න, පුංචි පුංචි ප්‍රශ්න වෙනකොට ඒ මේ නිසා කියලා වැරදි වැටහීම් ඇතිකරගන්න එපා.

ඇතැම්විට ඔබගේ මිතුරා / මිතුරිය / අසල්වැසියන් මෙවැනි තත්වයන් නිසා පීඩා විදිනවා විය හැකිය. මූලික අවස්ථාවේදී මනෝ උපදේශකවරයෙක් සඳහා යොමුවීමෙන් මෙම තත්වය සමනය කරගත හැකිය. එසේ නොවීම ඔබට විවිධ ගැටළු ඇතිකරවිය හැකියි.


- කසුන් සේනානායක
- මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක | මානව කුසලතා සංවර්ධන උපදේශක
- සිරිකත 

Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top