භාණ්ඩ වර්ග 10ක මිල පහළට
Friday, 24 March 2023 - 11:19 | Views - 1,781
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද (24) සිට පහත දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි.

ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.

ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින්ද අඩුකර තිබෙනවා.

එම මිල සංශෝධනයත් සමග වියළි මිරිස් කිලෝව රුපියල් 1380ක් ලෙස ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199ක් ලෙස ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 119ක් ලෙස ද, හාල් මැස්සන් කිලෝව රුපියල් 1100ක් ලෙස ද, කඩල කිලෝවක මිල රුපියල් 555ක් ලෙස ද, අර්තාපල් (දේශීය) කිලෝවක මිල රුපියල් 270ක් ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520ක් ලෙසින් පහත වැටී තිබෙනවා. 





Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top