ලාදුරු අවදානම යළිත් ?
Friday, 24 March 2023 - 8:51 | Views - 2,238
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු රෝගය වැළඳුණු රෝගීන් වාර්තා වීම මෑතක සිට වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය පවසන්නේ සුළු දද, කුෂ්ඨ හෝ අළුහම් ලෙස පෙනෙන සමහර ලප, ලාදුරු රෝගය නිසා ඇතිවන ලප විය හැකි බවටයි.

ලපයක් හෝ කැළලක් සිරුරෙහි තිබුණහොත් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවුරු වුවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතින බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති නිවේදනයේ සඳහන්.

එම නිවේදනය හරහා තවදුරටත් පවසන්නේ රෝගය ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා කළ යුත්තේ, සැක සහිත ලප කැළලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිලි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණක් බවයි.
 
Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top