ගත වූ සතිය තුළ අඩු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (22) ඩොලර් 74.98ක් ලෙස දැක්වුණා.
එය පෙරේදා (20) දිනයේ දී ඩොලර් 70 දක්වා පහත වැටුණු අතර, ඊයේ (21) බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 74.16ක් ලෙසයි.
ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල මේ වනවිට ඩොලර් 69 සීමාව දක්වා පහත වැටී තිබෙනවා.