මනාලියක් වෙන්න කලින් මේ ගැන දැනගන්න
Wednesday, 22 March 2023 - 10:21 | Views - 578

ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින යුවතියක් කල් තියා සූදානම් වෙන්නේ කොහොමද කියලා පියවරෙන් පියවරට කතා කරන්න සිරිකත අප සූදානම්. මේ එහි දෙවැනි දිගහැරුමයි. 

මංගල දිනය වෙනුවෙන් දකින හීනය ඒ විදියටම සඵල කරගන්න නම් හොඳ සැලසුමක් තිබිය යුතුයි. විවාහයට පමණක් නොවෙයි ජීවිතයේ ආරම්භ කරන ඕනෑම සුබ කටයුත්තකට නිසි සැලසුමක් හදාගන්න පු`ඵවන් නම් එය බාධාවකින් තොරව සාර්ථක කරගන්න පහසුවේවි. ඒ නිසාම මංගල දිනයට කල් තියා සූදානමත් අනිවාර්යයෙන් යුවතියකට වැදගත් වේ. ඒ සඳහා මුලින්ම තමන්ගේ රූපලාවන්‍ය ශිල්පියා හමුවී සාකච්ඡා කළ යුත්තේ කෙසේද සහ එලෙස සාකච්ඡා කළ යුතු දේවල් ගැන ලසුගිය ලිපියෙන් අපි කතාබහ කළෙමු. මෙවර කතා කරන්නේ මනාලියක් විවාහ මංගල්‍යයට කලින් සෞඛ්‍ය සම්පන්න ලෙස සුන්දරව සූදානම් වන්නේ කෙසේද යන්නයි.

මනාලියක් වීමට සිහින දකින යුවතියක් අනිවාර්යයෙන් තමන්ගේ සිරුරේ හැඩය ගැනත්, අභ්‍යන්තර සහ බාහිර නිරෝගීකමටත් වැඩි අවධානයක් යොමු කළ යුතුය. මංගල දිනයේදී සුරූපී හැඩ මනාලියක් ලෙස සැරසෙන්නට හැකි වන්නේ එවිටය. විශේෂයෙන් එහිදී යුවතියක් තමන්ගේ රූපලාවන්‍ය ශිල්පියා සමඟ මාස හයකටවත් කලින් සාචච්ඡා කළයුතු විශේෂ කාරණා කිහිපයක් තිබේ. එනම්,

වඩාත් පිරිපුන් සිරුරක් 
කෙසඟ සිරුරක්
සමේ ගැටලු
ආසාදන සහ කුරුලෑ කැළැල් 
හිසකෙස් ගැටලු
නියපොතුවල නිරෝගීතාව 
මේ සියලු කාරණා පිළිබඳ මාස හයකටවත් කලින් රූපලාවන්‍ය ශිල්පියා සමග සාකච්ඡා කළ යුතුය. ගැටලුවට අනුව ප්‍රතිකාර ගැනීමට සිදුවන කාලය වසරක් පමණ වුව දීර්ඝ විය හැකි නිසා එවැනි ගැටලු මාස කිහිපයකට කලින් විසඳා ගැනීම වඩාත් වැදගත් වේ.

පෝෂණවේදියෙක් හමුවෙන්න 

ශරීරයේ පවතින සියලුම ගැටලුවලට රූපලාවන්‍ය ශිල්පියාට ප්‍රතිකාර කළ නොහැකිය. එහෙත් ඔහුගේ මඟපෙන්වීම අනිවාර්යයෙන් වැදගත් වේ. ඒ අනුව මංගල දිනයට සැරසෙන ඇඳුම් ආයිත්තම්වලට ගැළපෙන ලෙස සිරුරේ හැඩය පිළිබඳව ශිල්පියාගෙන් විමසා අධිකව මහත සිරුරක් හෝ කෙට්ටු වැඩි සිරුරක් නම් ශිල්පියාගේ මඟපෙන්වීම මත නියමිත උපදෙස් අනුව පෝෂණවේදියකු හමු වී ඒ සඳහා උපදෙස් ලබාගත හැකිය. 
විශේෂයෙන් සමට සහ හිසකෙස්වලට පෝෂණයක් අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු විටමින් වර්ග හෝ සිරුරේ මහත අඩුකර ගැනීමට නම් කෑම පාලනය කරන ආකාරය සහ ව්‍යායාම ලබා ගැනීම යන සියලු කාරණා පෝෂණවේදියකු හෝ ඊට අදාළ වෛද්‍යවරයෙකු මුණ ගැසී සාකච්ඡා කළ යුතුය. ඇතැම් යුවතියන්ගේ කුරුලෑ ආසාදන නිසා මුහුණේ ආසාදන තත්ත්වයන්ද ඇතිවන අවස්ථා ඇත. එවැනි තත්ත්ව සහ හිසකෙස් ගැටලුවලදී ඒවා ප්‍රකෘතිවීමට කාලයක් අවශ්‍ය වන නිසා මාස හයකට කලින්වත් ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.

ලබාගත යුතු රූපලාවන්‍ය සත්කාර

සිරුරේ හැඩයට මනා පෙනුමක් එකතු කරගැනීම සඳහා සියලුම ප්‍රතිකාර රූපලාවන්‍ය ශිල්පියාගෙන් ඉටුකර ගැනීමට නොහැක. එහෙත් ඒ අතරින් ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් ද ලබාගත යුතු සත්කාර කිහිපයක් ඇත. එම නිසා විවාහයට සූදානම්වන ඔබ ඒ සඳහා අඩුම මාස හයකට කලින්වත් රූපලාවන්‍ය ශිල්පියා හමුවීම වැදගත් වේ. විශේෂයෙන් හිරුකිරණ සහ දූහුවිලි නිසා සම ඇඳුරු පැහැ වී ඇත්නම් මුහුණේ සහ සිරුරේ මැරුණු සම ඉවත් කරගෙන සම පැහැපත් කරගැනීම සඳහා කලින්ම සත්කාර කිරීමෙන් මංගල දිනය කිට්ටු වන විට සම පැහැපත් කරගැනීමෙන් වඩාත් හොඳ පෙනුමක් ලබාගත හැකි වේ.

එමෙන්ම අත්වල සහ පාදවල නියපොතු අවපැහැගැන් වී ඇත්නම් මංගල දිනයට මාස කිහිපයකට කලින් මෙනිකියු සහ පෙඩිකියු සතත්කාර සඳහා යොමුවිය යුතුය. හොඳ ප්‍රමිතියෙන් උසස් බොඩි ස්ක්‍රබ් එකක් භාවිතයෙක් අක්‍රීය සෛල ඉවත් කර නැවුම් සහ පැහැපත් සමක් ලබාගත හැකිය. 

ඒ අතරින් මාසයකට කිහිප වතාවක් හිසකෙස් සඳහා තෙල් සත්කාරයක්, මුහුණට හොඳ පෝෂණීය රාත්‍රී සත්කාරයක් ලබාගත හැකි නම් ඔබේ පෙනුමට වඩාත් නැවුම් බවක් එක්කර ගැනීමට පු`ඵවනි.

බොහෝ අවස්ථාවල විවාහය ළංවන විට හුඟදෙනෙක් සම පැහැපත් කර ගැනීමට විවිධ ආලේපන පාවිච්චියට හුරු වේ. එහෙත් එය ඉතා භයානක තත්ත්වයකි. ඇතැම් විට තමන්ගේ රූපලාවන්‍ය ශිල්පියා විසින්ම එවැනි ආලේපන වර්ග ලබාදෙන අවස්ථා ඇත. එම නිසා තමන් මිලදී ගත්තත් රූපලාවන්‍ය ශිල්පියාගෙන් ලබාගැනුණත් ප්‍රමිතියෙන් උසස් හොඳ තත්ත්වයේ ආලේපනයන් ලබා ගැනීමට උනන්දුවීම වැදගත් වේ. ඒ නිසා ඔබ විශ්වාසවන්ත රූපලාවන්‍ය ශිල්පියකු තෝරා ගැනීමටද අමතක නොකළ යුතුය.

මංගල දිනයට සැරසෙන හැටි ඊළඟ ලිපියෙන් තවදුරටත් කතා කරමු.

- නයනා උදයංගනී 
  සිරිකත 


Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top