ඉන්දීය චිත්‍රපට ගීතයක් හෙට (12) පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීත අතරට නිර්දේශ වී තිබෙනවා.
ඒ මෙවර මෙලෙස නිර්දේශ වී ඇත්තේ තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි නාටු නාටු ගීතයයි.
මීට පෙර මෙම ගීතය ගෝල්ඩන් ග්ලෝබ් සහ ක්‍රිටික්ස් වොයිස් සම්මාන ද දිනා තිබුණා.
මෙම ගීතයේ රඟපෑමෙන් එක්වී ඇත්තේ සුපිරි තරු වන රාම් චරන් සහ ජූනියර් එන්.ටී.ආර්. විසින්. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකු විසින් නර්තනය මගින් බ්‍රිතාන්‍ය නිලධාරියෙකු දණගස්වන සටන් දර්ශනයක් මෙම ගීතයට පසුබිම්වී තිබෙනවා.
මෙම ගීතයේ විශේෂත්වය වන්නේ රුසියානු ආක්‍රමණයට පෙර යුක්රේනයේ ජනාධිපති මන්දිරය වන මරින්කි පැලස් ඉදිරිපිට රූගත කර තිබීමයි.
2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම ගීතය රූ ගත කර තිබූ අතර, ඒ සඳහා දින 15 ක් ගතවී තිබුණා.