පතාන්හි දුෂ්ඨයාට - සුපිරි තෑග්ගක් ? (Photos)
Wednesday, 22 February 2023 - 11:20 | Views - 476
බොක්ස් ඔෆිස් වාර්ථා බිද දමමින් කෝටි දහසක ආදායමක් උපයාගන්නට සමත් වෙච්ච මේ දවස් වල තිරගත වෙන බොලිවූඩ් චිත්‍රපටයක් තමයි පතාන් කියන්නෙ.ෂාරුක් ඛාන්, දීපිකා පදුකොන් ඇතුලු බොලිවූඩය වගේම මුලු ලොකයම වසගයට ගත් නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.ඒ අතරින් ප්‍රධාන දුෂ්ඨයා ලෙස රංගනයෙන් දායක වුනේ ජෝන් ඒබ්‍රහිම්.ඉතින් ලගදි දවසක ඔහුට ලක්ෂ ගාණක් වටිනා අලුත්ම වර්ගයේ සුසුකි යතුරුපැදියක් කෙනෙක් තැගි කරලා තියනවා.හැබැයි තාමත් මේ යතුරුපැදිය තැගි කරලා තියෙන්නෙ කවුරුන්ද යන්න තහවුරු වී නැහැ.කෙසේ වෙතත්, දැනගන්නට ලැබෙන තොරතුරු අතර, ජෝන්ට මෙම යතුරුපැදිය තැගි ලෙස ලැබිලා තියෙන්නෙ පතාන් චිත්‍රපටය ලද සාර්ථකත්වය නිසා බවයි සඳහන් වෙන්නෙ.
එසේම, එය ෂාරුක් ඛාන් හෝ පතාන් චිත්‍රපටය නිෂ්පාදනය කළ ආදිත්‍ය චොප්රා විසින් දෙන්නට ඇතැයි මේ වෙනකොව විදෙස් මාධ්‍ය අතර කසු කුසුවකුත් තිබෙනවා.



Share This Article