දුර්ලභ හරිත වල්ගාතරුව - අනිද්දා
Monday, 30 January 2023 - 10:45 | Views - 3,944
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට ඉතාමත් සමීපවීමට නියමිතයි.

සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි.

මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව අනිද්දා සහ පෙබරවාරි 2 වනදා පෘථිවියට කිලෝමීටර මිලියන 45 ක් දුරින් පිහිටන අතර, එය දක්ෂිණ ධ්‍රැවයේදී දුරේක්ෂයක ආධාරයෙන් දැකබලා ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම වල්ගාතරුව මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන් කරමින් පවතින බව සඳහන්.

එමෙන්ම මෙම හරිත වල්ගාතරුව යළි වසර 50,000 කින්වත් යළි දර්ශනය නොවනු ඇති බවයි බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් රාජකීය නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ග්‍රෙග් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ.

කැලිෆෝනියාවේ සැන්ඩියොන් ප්‍රදේශයේ පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී පුළුල් ක්‍ෂේත්‍ර ගවේෂණ කැමරා භාවිතයෙන් මෙම වල්ගාතරුව හඳුනාගනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මාසයේදියි. 


 
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top