ඩෙංගුත් ඉන්ෆ්ලුවෙන්සාත් උඩ එයි - වෛද්‍ය අංශයෙන් රතු එළියක්
Sunday, 29 January 2023 - 13:34 | Views - 1,751
ඩෙංගු රෝගයේ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් දෙකෙහිම වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බැවින්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුධිර පරීකෂණයක් මගින් මෙම රෝග දෙක වෙන් වෙන්ව හඳුනා ගැනීමෙන් පසු ඖෂධ ලබාගැනීමෙන් සිදුවන සංකූලතා අවම කරගැනීමේ හැකියාව පවතින බවයි.
මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන ඩෙංගු සහ ඉන්ෆල්වෙන්සා යන රෝගී තත්ත්වයන් දෙකෙහිම බොහෝ සෙයින් සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
එම හේතුව නිසාම රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබා දෙන ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථා රැසක් ද පසුගිය දිනවල වාර්තා වුණා.
උණ, කැස්ස, අඟපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම රුධිර පරීක්ෂණයක් සිදු කර රෝගී තත්ත්වය නිශ්චය කර
ගැනීමෙන් අනතුරුව ඖෂධ ලබාගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ.
Share This Article