සුදු කතකගේ කෝටියක රන් වලට මගපෙන්වන්නෙක් විදලා
Sunday, 29 January 2023 - 13:18 | Views - 897
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරං , කහ රත්තරං වලලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය සඳහන් කර තිබෙනවා.කළුතර උතුර සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති කාන්තාවක විසින් ඊයේ (28) රාත්‍රි කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව යි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කල දෙදෙනකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සදහන් කර තිබෙනවා. රන් භාණ්ඩ වල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බවද ලැබී ඇති තොරතුරු වල සඳහන්.
- සුමිත් පොතුපිටිය
- ලංකාදීප
Share This Article