ඒ, මගේ එකනම් කන්න එපා අලි පැටියෝ -අම්මෝ, ජොලියක් ගත්ත ජරමරයක්.. (Video)
Sunday, 29 January 2023 - 10:53 | Views - 820
ඊයේ උදෑසන 11.00ට පමණ අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ මහින්ද ප්‍රාථමික විද්‍යාලය අසලදී නුවර වැවව දෙසට ගමන් කරමින් තරුණයින් 5 දෙනෙකුට කුලප්පු වු වන අලියෙකු හමු වීම හේතුවෙන් එම තරුණයින් පිරිස අසල තිබූ ගසකට නැග තිබෙනවා.
එහිදී එම වන අලියා තරුණයින් පිරිස නැග සිටි ගස වටා දුවමින්, වැල් අදිමින්, ගස මුල තිබූ සෙරෙප්පු සිය හොඩයෙන් විසි කරමින් තරහා පිට කරන අයුරු එහි සිටි තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර තිබුණා.
කෙසේ වෙතත් ටික වේලාවකින් මෙම කුලප්පු වූ වන අලියා නැවතත් නුවර වැව දෙසට ගමන් කර ඇති අතර සිද්ධියට මුහුණදුන් තරුණයින් පැවසුවේ සිය ජිවිත අනු නවයෙන් බේරා ගන්නට හැකියාව ලැබුණු බවයි.
Share This Article