චූටි පැටියගේ හිස මැද පුංචි වළක් ? දන්නේ නැත්නම් දැනගන්න
Friday, 27 January 2023 - 10:19 | Views - 5,097
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න එපා.”

“නෑ.... මේ මොකද මෙතන ඔලුව හරි සියුම්. හිස් මුදුනෙ හම දඟලනවා වගේ”

“මේ පුතේ තෙල් වළ”

“මොකක්ද අම්මේ තෙල් වළ කියන්නේ?’

ඊට නිවැරදි පිළිතුර අපි ඇහුවේ වෛද්‍යතුමාගෙන්,

අලුත උපන් දරුවන්ගේ හිසෙහි ඉදිරිපස ඒ කියන්නේ නළලට ඉහළින් ඇල්ලූ විට ඇතුළට එබී යන ‘වළක්’ වැනි කොටසක් තිබෙනවා. මේක සාමාන්‍ය ව්‍යවහාරයේදී තෙල් වළ කියා හඳුන්වනවා. ඒත් මෙම කොටසට තෙල් සමග කිසිදු සම්බන්ධයක් නැහැ.

දරුවෙකු උපත ලබන විට හිසෙහි අස්ථි එකිනෙකට හාවී නැහැ. මේ නිසා බිලිඳාගේ හිස අතගාන විට අස්ථි අතර පවතින දාර අතට අසුවෙනවා. මෙම හා නොවුණු අස්ථි අතර හිසෙහි ඉදිරිපස කොටසේ ඇති හිඩැස තෙල් වළ ලෙස හඳුන්වනවා. ඒ හැර එයට තෙල් සම්බන්ධයක් නෑ.

ක්‍රමයෙන් කුඩා වෙනවා

දරුවා ක්‍රමයෙන් වැඩෙන විට එසේ වෙන්ව පවතින අස්ථි කොටස් එකිනෙක හා වෙනවා. එවිට මෙම තෙල් වළ යැයි හඳුන්වන කොටස ක්‍රමයෙන් කුඩා වී නැති වී යනවා. සාමාන්‍යයෙන් දරු පැටියාට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට මෙම තෙල් වළ සම්පූර්ණයෙන්ම වැසී ගොස් අවසන් වෙනවා. එහෙත් මෙම තෙල්වළෙන් ගැටලු ඇති වෙන අවස්ථා තිබෙනවා.

* තෙල් වළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා හෝ විශාලවීම
* වයස අවුරුදු එකහමාර පසුවීත් තෙල් වළ වැසී නොයෑම

මෙවැනි වෙනස්කම් පෙනෙයි නම් ළමා රෝග වෛද්‍ය සායනයකට පෙන්වීම ඉතාම වැදගත්. එසේම චූටි පැටියාගේ එම කොටස ඉදිමී ඉහළට එසවී පෙනෙයි නම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගත යුතුයි. විශේෂයෙන් මෙම රෝග ලක්ෂණ සමග දරුවාට උණ තිබේ නම්, වමනය යයි නම්, කිරි බීම නතර කළොත් එය මොළයේ ආසාදනයක ලක්ෂණයක් විය හැකියි. එසේ පෙනේ නම් පැය කිහිපයක්වත් ප්‍රමාද නොවී වහාම දරුවා රෝහල්ගත කිරීම අවශ්‍යයි.

තෙල් වළ ඉදිමෙන තවත් හේතු

කලාතුරකින් ඇතැම් දරුවන්ට මාස හයෙන් හයට ලබා දෙන විටමින් 'A' අධි මාත්‍රාව නිසා තෙල් වළ ඉදිමෙන අවස්ථා තියෙනවා. එසේ වන්නේ විටමින් 'A' අධි මාත්‍රාවට ඇති වෙන ප්‍රතික්‍රියාවක් ලෙස හිසෙහි පීඩනය තාවකාලිකව ඉහළ යාමයි. එසේ වුවත් මෙවැනි වෙනස්කමක් දුටු වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නම ඕනෑ. එය විටමින් 'A' අධි මාත්‍රාව නිසා සිදුවන තත්ත්වයක් ලෙස සොයා ගතහොත් එම අධි මාත්‍රාව ලබා නොදෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබෙනවා.

දරු පැටියාගේ ඇස්වල වෙනසක්

අලුත උපන් දරු පැටියාගේ ඇස්වල සුදු පැහැති කොටසේ කුඩා රතු පැල්ලම් දක්නට ලැබෙන අවස්ථාත් තියෙනවා. මේවා ඇති වන්නේ දරුවා ලැබෙන අවස්ථාවේ ඇති වෙන පීඩනය නිසයි. එම පීඩනය සමග ඇස මතුපිට ඇති වන කුඩා ලේ පැල්ලම්, ඊට හේතුවයි. මේ ගැන බිය විය යුතු නැහැ. එය ක්‍රමයෙන් මැකී යනවා.

එහෙත් දරු පැටියාගේ දෑස් රතු වී ඇත්නම් හෝ සැරව වැනි ශ්‍රාවයක් ගලයි නම් එය දෑස්වල ආසාදනයක් විය හැකියි. මෙවැනි වෙනසක් පෙනේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම අවශ්‍යයි. ඇස රතු වී හෝ සැරව ගැලීමක් නැතිව, දරුවා උදේ අවදි වන විට ඇස්වල කබ බැඳී තිබීම නම් සාමාන්‍ය යි. එය පිරිසුදු තෙත රෙදි කඩකින් පිසදා හැරිය යුතුයි.

මේ හැර ඇතැම් බිලිඳුන්ගේ ඉහත සඳහන් කළ කිසිදු ලක්ෂණයක් නොමැතිව ඇසින් අධිකව කඳුළු වැගිරීමට පටන් ගන්නවා. මෙය එක ඇසක පමණක් හෝ ඇස් දෙකෙහිම දැකිය හැකියි. එසේ වන්නේ ඇසෙහි නිපදවන කඳුළු නාසය තුළට රැගෙන යාමට පිහිටා තිබෙන කුඩා නාළ පද්ධතිය යම් අවහිරතාවකට පත්වීමෙනුයි. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ මෙම නාළ පද්ධතියේ යම් අවහිරතා නිසා ඇසෙහි නිපදවෙන කඳුළු සාමාන්‍ය ලෙස නාසය කරා නොගොස් පිටතට වැගිරීම දක්නට ලැබෙනවා. මෙය බොහෝ විට දරුවා වැඩෙන විට ඉබේම සමනය වෙනවා. එහෙත් ඇතැම් විට ඇසත් නාසයත් අතර පිහිටි එක්තරා ස්ථානයක් මසාජ් (සම්බාහනය) කිරීමෙන් මෙය සමනය කරගන්න පුළුවන්. එහෙත් අම්මලා මෙහෙම දෙයක් දුටු විට හුඟක් බිය වෙනවා. එහෙම නම් ළමා සායනයකින් හෝ ළමා අක්ෂි රෝග සායනයකින් උපදෙස් ලබා ගත හැකියි.
ඉහත සඳහන් දෑ අලුත උපන් බිලිඳුන් අතර දැකිය හැකි සාමාන්‍ය දේවල්. මේවා ගැන කිසිඳු අනියත බියක් ඇති කර ගත යුතු නැහැ.



- ශිරානි ගල්ලෑල්ල
- උපුටා ගැනීමකි.. 
Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,723 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,747 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top