ගැස්ට්‍රයිටිස් වලින් ඔබත් මිදෙන්න ?
Thursday, 26 January 2023 - 8:22 | Views - 515
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බහුලව අසන්නට තිබෙන රෝගී තත්ත්වයක්. ගැස්ට්‍රයිටිස් ඇතීවීමට හේතු රැසක් බලපායි. මේ සටහන ගැස්ට්‍රයිටිස් රෝගය සුව කිරීමට හෙළ වෙදකමට ඇති හැකියාව පිළිබඳව ය.

“අපි ළඟට එන රෝගීන් මුලින්ම කියන්නේ ගැස්ට්‍රයිටිස් කියලා. ගැස්ට්‍රයිටිස් හැදෙන්න වෙනත් හේතු තිබෙන්න පුළුවන්. මූලිකවම තමන් ආහාර ගන්නා පිළිවෙළ. දවසේ වේල් තුන ගන්නා වේලාවක් තිබෙනවා. බොහෝ දෙනා උදේ ආහාර වේල ගන්නේ දවල් වෙලා. සමහරු දවසටම එක වේලයි. කෙටි ආහාරයක් අරගෙන දවස ගෙවනවා. තවත් සමහරුන්ට මානසික ආතතිය. මානසික පීඩනයත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න තවත් හේතුවක්.

රෝග ලක්ෂණ රැසක්

රෝගියා මුලින්ම කියන්නේ බඩ පුරවා දමනවා, කන්න ප්‍රියක් නෑ කියලයි. උදේම උගුරෙ සෙම බැඳිලා පපුව මැද දැවිල්ලයි. සමහරු කියනවා කොන්දෙ කැක්කුමයි, ඔ`ඵව කැක්කුමයි කියලා. කෙතරම් ප්‍රතිකාර කළත් සුවයක් නෑ කියනවා. ගැස්ට්‍රයිටිස්වල මූලික රෝග ලක්ෂණ හැටියට බඩ පුරවා දැමීම, පපුවේ දැවිල්ල, හිසේ කැක්කුම, උගුරේ සෙම ගතිය, මලපහ නොයාම, හන්දි කැක්කුම, මුළු ශරීරයේම වේදනාව, කම්මැළිගතිය, උදයේ අවදිවීමේ අපහසුව වැනි තත්ත්ව දැක්විය හැකියි.

මේ තත්ත්වයට මූලික හේතුව තමයි අම්ල පිත්තය. මේ අම්ල පිත්තය පළමුවෙන් ගැස්ට්‍රයිටිස් කියා හඳුනා ගන්නවා. පසුව බඩවැල් හා ආමාශ තුවාල දක්වා විහිදෙනවා. ඇතැම් අවස්ථාවලදී ශල්‍යකර්ම පවා කිරීමට සිදුවෙනවා.

ප්‍රතිකාර නොකළොත් මලබද්ධය හැදෙනවා

ගැස්ට්‍රයිටිස් සඳහා කාලයක් තිස්සේ ප්‍රතිකාර නොකිරීම නිසා මලබද්ධය තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මලබද්ධයේදී මලපහ වේළෙනවා. අපේ තියෙනවා ප්‍රවේෂ කියලා ගුදවලි තුනක්. මේ තුනම අවහිරවීම මේ නිසා සිදුවෙනවා. ඉන්පසු ගෙඩි බවට පත් වෙලා නහර දුර්වල වෙනවා. ඉන්පසු නහර ගැට ඇතිවෙනවා. අර්ශස් ගෙඩි හැදෙන්නත් හේතුවෙනවා.

මේ ගැටිති අතට අහුවෙනවා කියා රෝගීන් කියනවා. මේවා පුපුරනවා (ගුදවලිවල තිබෙන ගැටිති) සමහර ඒවා පුපුරන්නේ නැහැ. වේදනායි. එතැනදී මලපහ වෙන්නෙ නෑ අවහිර වෙනවා. මේ අවස්ථාවේදී තමයි ගැස්ට්‍රයිටිස් රෝගය වැඩිවෙන්නේ. වේදනාව හා හිසරදය ඇතිවෙනවා.

යම් අයුරකින් අර්ශස් ගෙඩි තත්ත්වයට පත් වී නම් එම ගෙඩි වේළීමට ප්‍රතිකාර කළ යුතුයි. ඊට අමතරව ගෙඩි කපන්න සිදුවෙන අවස්ථා තියෙනවා. මෙහිදී ආයූර්වේදය අනුව සාර නූල් ප්‍රතිකාරය සිදු කරනවා. සාරනූල් ප්‍රතිකාරය ඉතා සාර්ථක ක්‍රමයක්.

ගැස්ට්‍රයිටිස් රෝගීන් නිවැරැදිව පරීක්ෂා කර ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. මුලින්ම රෝගියා දැනුවත් කළ යුතුයි. ආහාර රටාව කොහොමද වෙනස් කරගත යුත්තේ කියා පැහැදිලි කළ යුතුයි. විශේෂයෙන් උෂ්ණ අධික හා තෙල් අධික ආහාරවලින් ඈත් කරනවා. මෙයින් අප සිදු කරන්නේ ආමාශයේ අම්ලය අඩු කිරීමයි. ආයූර්වේදය අනුව භාෂ්මික ආහාරයි ලබා දෙන්නේ. වර්තමානයේ තරුණ හා ළමා පරපුර අතර ගැස්ට්‍රයිටිස් බහුලව දකින්න ලැබෙනවා. ඊට ප්‍රධාන හේතුව ආහාරයි. අද පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික ආහාරවලට. ඒ නිසා ශරීරයට අවශ්‍ය කෙඳි ආහාර ලැබෙන්නෙ නෑ.

හොඳම ආහාර පුරුදු

මේ නිසා නැවත අප අතීත ආහාර රටාවට පුරුදු විය යුතුයි. මෙවැනි අය මුලින්ම උෂ්ණ අධික ආහාර හා තෙල් අධික ආහාරවලින් ඈත් විය යුතුයි. විශේෂයෙන්ම දියබත් දින 07ක්වත් ගත යුතුයි. මෙයින් බඩට යම් සහනයක් ලබාගන්න පුළුවන්. ඒවාගේම කෙඳි අධික ආහාර, පලා වර්ග, ජලය ලීටර් 6-7ක් දිනකට පානය කළ යුතුයි. ඒවාගේම මානසික ආතතිය නැති කර ගැනීමත් ඉතා වැදගත්. ගැස්ට්‍රයිටිස් නොසලකා හැරීම නිසා මුලින් සඳහන් කළ පරිදි දරුණු තත්ත්වයන් දක්වා යාමට හැකියි. මේ නිසා මූලිකවම පුංචි දරුවන් නිවැරැදිි ආහාර රටාවකට හුරු කරන්න. රෝගී තත්ත්වයක් තිබේ නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවෙන්න.





- සටහන ශාන් බන්දු වීරසිංහ
- උපුටා ගැනීමකි..


Share This Article
Hiru Tv Blog
Friday, 24 March 2023 - 13:39
Hiru Tv Blog 1,736 Views
"එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ...
Hiru Tv Blog
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ...
Hiru Tv Blog
Friday, 24 March 2023 - 8:51
Hiru Tv Blog 1,755 Views
මෙරට පැතිරීම බොහෝ දුරට සීමා වී තිබූ ලාදුරු...
Hiru Tv Blog
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින...
Hiru Tv Blog
අද අපි කතා කරන්න යන්නේ බහුතරයක් කැමැති...
Hiru Tv Blog
රෝස පැටික්කි.. එහෙමත් නැත්නම් කවුරුත් හොඳින් හඳුනන ත්‍රිකලා ධරණි...රෝස පාට මෝටර්...
Hiru Tv Blog
විනූ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්.ගෙවුණු...
Hiru Tv Blog
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.මෙහි නිරූපණයෙන්...
Hiru Tv Blog
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.කැනඩා ඉහළ අහසේ හඳුනා...
Hiru Tv Blog
එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම සිය දැවැන්ත නව රොකට් පද්ධතිය වන ස්ටාර්ෂිප්...
Hiru Tv Blog
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව අනිද්දා (01) පෘථිවියට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Wednesday, 01 February 2023
Hiru Tv Blog 512 Views
Top