ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටිය, Hiru Star Season 3 කිරුළ, බුලත්කොහුපිටියේ, අමීෂ මිනෝල් හිමි කර ගනී
සංගීතයේ සිහසුන තනමින්, මිලියන ගණනක ජනතා සිහිනය මල්ඵල ගන්වන, ශ්‍රී ලංකාවේ පළමු සජීවි රියැලිටිය, Hiru Star Season 3 කිරුළ, බුලත්කොහුපිටියේ, අමීෂ මිනෝල් හිමි කර ගනී.
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන්කරණය යාවත්කාලීන කළ හිරු TV, සියලු රියැටිලි වැඩසටහන් අතික්‍රමණය කරමින් සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය 'හිරු Star' season 3 කිරුළ හිමි කරගැනීමට බුලත්කොහුපිටියේ, අමීෂ මිනෝල් මීට මොහොතකට පෙර සමත් වුණා.
හිරු ස්ටාර් සීසන් 3 තරගාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රි 7.30 සිට පැවැත්වුනේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී යි.
මෙරට ටෙලිවිෂන් රියැලිටිකරණය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ ප්‍රමුඛයා, හිරු ස්ටාර් අද සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු ගායන රියැලිටි අත්දැකීමේ තෙවන විප්ලවයේ රජ දැක්මයි.
නූතන ජාත්‍යන්තර ප්රමිතීන් සමඟ කරට කර සිටිමින් ලොව අති නවීනතම ශබ්ද, කැමරා සහ ආලෝකකරණ තාක්ෂණයෙන් බලගැන්වුණු හිරු ස්ටාර් දැවැන්ත වේදිකාවේ අද තරග වැදුනේ අතිශය තරඟකාරිත්වයෙන් හෙබි ප්‍රබල තරු හතරක්.
ඒ, හික්කඩුවේ සචිනි තාරුකා, බුලත්කොහුපිටියේ අමීෂ මිනෝල්, දෙහිඅත්තකණ්ඩියේ සහන් ප්රබුද්ධ සමගින් හංවැල්ලේ ජීවන් චන්දිම යි.
විශිෂ්ඨත්වයේ ප්‍රවීණත්වය සහ ජනතා පරමාධිපත්‍ය මතින් මෙතෙක් ආ ගමන් මග අද දිනයේදී ජනතා පරමාධිපත්‍ය මත පමනක් 100%ක් තීරණය වෙද්දී හිරු ස්ටාර් සීසන් 3 කිරුල තමන් සතු කරගැනීමේ භාග්‍ය හිමිකරගත්තෙ බුලත්කොහුපිටියේ, අමීෂ මිනෝල් විසිනු යි.