සඳට ගිය නාසා යානය පෘථිවිය බලා ආපසු
Monday, 12 December 2022 - 16:52 | Views - 711
අමෙරිකාවේ නාසා ආයතනය පුහුණු මෙහෙයුමක් ලෙස, සඳට යැවූ ‘ඔරායන්’ චන්ද්‍ර යානය යළි පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

යානය සඳට ගොඩබෑමක් නොකළ අතර, එය ආපසු පෘථිවිය බලා පැමිණෙන්නේ සඳුගේ කක්ෂයට පිවිස සඳ වටා ගමන් කිරීමෙන් පසුවය. ‘ඔරායන්’ යානය සඳට යැවීම සිදුවූයේ ‘ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම යටතේය.

ප්‍රමාදයන් රැසකින් පසු, නාසා ආයතනය, ඔවුන්ගේ අධි බලැති ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ අධි බලැති රොකට් පද්ධතිය යොදා ගනිමින් ‘ඔරායන්’ යානය අභ්‍යවකාශයට තල්ලු කළේ පසුගිය නොවැම්බර් 16 වැනිදාය.

‘ඔරායන්’ යානය, සඳට ළං වී, සඳුගේ කක්ෂයට පිවිස සඳ වටා ගමන් කළේය. ගමන් වාර කීපයකින් පසු එය යළි පෘථිවිය බලා පැමිණීම ආරම්භ කෙරුණි.

ඒ අනුව, යානය මේ වනවිට පෘථිවිය බලා පැමිණෙමින් ඇති බවත් ලබන දෙසැම්බර් 11 වැනිදා යානය පැරෂූට් ආධාරයෙන් පෘථිවියට පතිත කෙරෙනු ඇති බවත් සඳහන් වනවා.

‘ඔරායන්’ යනු මිනිසුන් රැගෙන යෑමට නිර්මාණය කළ යානයකි. පසුගිය 26 වැනිදා ‘ඔරියන්’ යානය වාර්තා අතරට ද එක් විය. ඒ, යානය පෘථිවියේ සිට සැතපුම් 2,48,655 ක් ඈතට ගමන් කරමින්,

‘ඔරියන්’ යානය ඇතුළත් ‘ආර්ටිමිස් 1’ මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ නාසා ආයතනය 2024 වෙද්දී, ‘ආර්ටිමිස් 2’ යටතේ ගගනගාමීන් සඳට යැවීමට බලාපොරොත්තු වෙන බවද සඳහන්.

-(ඒ.එෆ්.පී.)

-උපුටා ගැනීම - ලංකාදීප 

 
Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top