NASA හි තවත් යෝධ පියවරක්
Friday, 09 December 2022 - 11:47 | Views - 554
පෘථිවිය අප සැමගේ නිවෙසයි. පෘථිවිවාසීන් වන අප නිරතුරුව අප අවට පවත්නා සූර්යයා ඇතුළු ග්‍රහලෝක ගැන පමණක් නොවේ අප පෘථිවි පෘෂ්ඨය මතුපිට ඇති දෑ පිළිබඳවද විචක්ෂණශීලීව අවබෝධයෙන් යුතුව බැලිය යුතු වන්නේ, ඉදිරි අනාගතයේදී මෙන්ම වර්තමානයේදීද අපගේ නිවෙසේ එනම් පෘථිවි තලයේ පැවැත්ම තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන බැවිනි. හෙට දිනක් දකින අපිට පෘථිවි තලයෙන් පිටත වූ ග්‍රහලොව ජීවත් වීමට සිදු වුණි නම් පෘථිවි තලයේ වටිනාකම වඩාත් දැනෙනු ඇති බව නොඅනුමනය. හරිත ශාකයෙන් පිරිපුන් වූ ජල ගෝලයෙන් මෙන්ම පිරිසුදු වායු ගෝලයකින් සමන්විත වූ පෘථිවියේ අගය වචනයෙන් කියා නිම කළ නොහැකිය. පෘථිවි තලය තව තවත් ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්කිරීමටත් ඉදිරියේදී පෘථිවි තලයට පැමිණිය හැකි බාධාවන් හඳුනාගැනීමටත් තව දිනකින් හෝ පෘථිවි තලයේ ආයු කාලය දීර්ඝ කිරීමටත් විද්‍යාඥයන් බොහෝ සේ වෙහෙස වී කටයුතු කරයි. මේ හේතුව නිසාම බිහිවූ අපූරු නිර්මාණයක් ලෙස SWOT යානය පෙන්වා දිය හැකිය.

NASA හි තවත් යෝධ පියවරක්

2007 ජාතික පර්යේෂණ කවුන්සිලයේ දශක සමීක්ෂණයේ ලැයිස්තුගත කර ඇති මෙහෙයුම් 15න් එකක් NASA ආයතනය විසින් ඉදිරි දශකය තුළ ක්‍රියාත්මක කළ යුතු මෙහෙයුම් ලෙස, SWOT NASA ප්‍රංශ අභ්‍යවකාශ ඒජන්සිය (CNES) සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් ඒකාබද්ධව සංවර්ධනය කර කළමනාකරණය කරනු ඇත.

SWOT හි විශේෂත්වය

ජාත්‍යන්තර SWOT මෙහෙයුම පෘථිවියේ සාගරය සහ ගොඩබිම මතුපිට ජලය පෙර නොවූ විරූ පැහැදිලි බවකින් නරඹනු ඇත. මෙය පෘථිවි පෘෂ්ඨයේ ඇති ජලය සියල්ලම පාහේ සමීක්ෂණය කරන ප්‍රථම දැවැන්ත චන්ද්‍රිකා මෙහෙයුමයි. SWOT මෙහෙයුම ජල විද්‍යාව සහ සාගර විද්‍යාව යන ප්‍රජාවන්ට සේවය කරනු ඇත. එහි උපකරණ මඟින් ග්‍රහලෝකයේ විල්, ගංගා, ජලාශ සහ සාගරයේ ජලයේ උස වෙන කවරදාටත් වඩා ඉහළ නිවැරදිතාවකින් මෙමඟින් නැරඹීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රධාන වශයෙන් ජල ගෝලය පිළිබඳ විමර්ශනයක් මෙමඟින් අපිට ලබාගත හැකිය.

ජල ගෝලය

පෘථිවි තලයේ සියලුම ජල මූලාශ්‍රයන්හි එකතුව ජල ගෝලය ලෙස පෙන්වා දිය හැකිය. මතුපිට පෘථිවි තලය ජල කලාපවලින් වැසී ඇති අතර ජලවැස්ම අපිට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. ජලය නොමැතිව ජීවයක් නොමැති අතර මිනිසාගේ දේහ බරින්ද වැඩි කොටසකට බල පානුයේ ජලයයි. රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන ජලය සොබාදහමේ දායාදයකි. පෘථිවි තලය මත ඇති සියලුම ජල මූලාශ්‍ර මිනිසාට භාවිතා කළ නොහැකි අතර මිනිසා මේ වන විට එවැනි ජල මූලාශ්‍ර පවා වෙනස්කම්වලට බඳුන් කරමින් භාවිතයට ගත හැකි තත්ත්වයට පත්කර ගනිමින් සිටින්නේ පවතින මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි ජල අර්බුදයට විසඳුම් සෙවීමටය. ගංවතුර පාලනයට සහ පරිසර පද්ධතිවල සමතුලිතතාවට ගෝලීය ජල චක්‍රය තේරුම් ගැනීමෙන් හැකියාව ලැබේ.

SWOT හි ක්‍රියාකලාපය

පළමුව, සූර්ය පැනල මඟින් අභ්‍යවකාශ යානය බල ගැන්වීම සඳහා යොදවනු ඇත. SWOT විසින් සැතපුම් 75ක් (කිලෝමීටර් 120ක්) පුළුල් පරාසයක් හරහා දත්ත රැස්කරනු ඇත. ගෝලීය වශයෙන්, සාගර සහ මිරිදිය ප්‍රදේශ දෙකෙහිම මිනුම් ගැනීම මෙමඟින් සිදු කරනු ලැබේ. SWOT යනු ලොව පුරා පවතින විද්‍යා දැනුමේ කලම්බයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙය නිර්මාණය කිරීමේදී උසස් පුළුල් පරාසයක තාක්‍ෂණය වැඩිදියුණු කර ඇති අතර සාගර සහ මතුපිට ජල භූ විෂමතා මිනුම් සඳහා සැපයිය හැකි ආකාරයට නිමවා ඇත. ලොව පුරා විහිදී සිටින SWOT ආයතනයට අනුබද්ධ ඉන්ජිනේරුවන් ඇතුළු පිරිස් විසින් මෙම නිමැවුම සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමට විශාල දායකත්වයක් සපයයි. SWOT මඟින් පෘථිවි මතුපිට ජලය පිළිබඳ ප්‍රථම ගෝලීය සමීක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.

SWOT හැදුණේ මෙහෙමයි

SWOT කියන්නේ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ (CSA) සහ එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සියේ දායකත්වය ඇතිව NASA සහ ප්‍රංශ අභ්‍යවකාශ ඒජන්සි මධ්‍යස්ථානය National d’Études Spatial (CNES) අතර ඇති වූ නිර්මාණ සංකල්පයක ප්‍රතිඵලයකි. මෙහි සේවා වැඩසටහන දියත් කිරීමේ සේවාව කළමනාකරණය කරන්නේ, ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි නාසා ආයතනයේදීය.

SWOT ගැන කතා කරන්න හමුවක්

මතුපිට ජලය සහ සාගර භූ විෂමතා (SWOT) චන්ද්‍රිකාව දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා NASA ආයතනය විසින් 10.30 a.m. EST (7.30 a.m. PST) නොවැම්බර් 14 වැනිදා , දකුණු කැලිෆෝනියාවේ නියෝජිතායතනයේදී ජෙට් ප්‍රචාලන රසායනාගාරයේදී මාධ්‍ය හමුවක්ද පවත්වා ඇත.

SWOTඅභ්‍යවකාශ යානය කක්ෂගත කරන්නේ කවදාද?

චන්ද්‍රිකා ගොඩනැඟීම සහ ප්‍රංශයේ සිට වැන්ඩන්බර්ග් වෙත SWOT අභ්‍යවකාශ යානය ප්‍රවාහනය කිරීම සහ ඉතිරි දියත් කිරීමේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ කාලසටහන සලකා බැලීමෙන් පසුව, මෙම ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් කිරීමට අමතර කාලයක් අවශ්‍ය බව වැඩසටහන් කණ්ඩායම තීරණය කළේය. ඒ අනුව මධ්‍යම කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරේ සිට දෙසැම්බර් 12 වැනි ස¾දුදා දින පෙ.ව. 3.46ට (පෙ.ව. 6.46 EST) SWOT දියත් කිරීමට සැලසුම් කරමින් පවතී.

SWOT යානයෙන් සොයන්න යන්නේ මොනවාද?

ගොඩබිමෙහි ගෝලීය ජල චක්‍රය අවබෝධ කරගැනීම මෙන්ම ජලජ පරිසර පද්ධතිවල සමතුලිතතාවට වැදගත් වන ගංවතුර බිම් සහ තෙත් බිම්වල ගතිකත්වය අධ්‍යයනය කිරීම. එනම් ගංවතුර පාලනයට සහ පරිසර පද්ධතිවල සමතුලිතතාවට ඇතිවන බලපෑම් අධ්‍යයනය කිරීම මෙන්ම දේශසීමා ඇතුළු ජල සම්පත් පිළිබඳ ගෝලීය තක්සේරුවක් සැපයීම (ජාත්‍යන්තර දේශසීමා හරහා) ගංගා, වැව් සහ ජලාශ ගබඩා කිරීම පිළිබඳව සොයා බැලීම මූලිකවම සිදුකෙරේ.

SWOT මඟින් අපිට ලැබෙන දේ

SWOT මඟින් ජල කළමනාකරණ තීරණ දැනුම් දීමත් පෘථිවි ජල හා බලශක්ති චක්‍රය පිළිබඳ නව අවබෝධයක් ලබා දීමත් උණුසුම් දේශගුණයක් තුළ නැඟී එන මුහුදු සහ වෙරළ තීරයන් වෙනස් කිරීමට ප්‍රජාවන් සූදානම් කිරීමත් සිදුකරයි. තවද SWOT මඟින් පෘථිවියේ ලුණු සහ මිරිදිය ජලයෙහි උස ද – සාගර, විල් සහ ගංගා ඇතුළු ජලය ඇති ස්ථාන සොයා ගැනීමට හැකි වන අතර එමඟින් දේශගුණික විපර්යාසවල බලපෑම් මැනීමට උපකාරී වේ. තවද පෘථිවි දේශගුණය උණුසුම් වීම නිසා මිරිදිය සම්පත් වැව්වල සිට ගංගාවල සිට ජලාශ දක්වා ජල මට්ටම්වල වෙනස් වීමක් විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවිවාසීන්ට සැලකිය යුතු සමාජීය බලපෑමක් ඇති විය හැකිය. පෘථිවි විල් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම නිසා, කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ අනෙකුත් අංශ කෙරෙහි පාරිසරික වෙනස්වීම්වල බලපෑම් තක්සේරු කළ නොහැකිය. එමෙන්ම ජල අස්ථායී පරිසරයන් තුළ සිටින මිනිසුන් බොහෝ විට ගංවතුර සහ නියඟවලට ගොදුරු වේ. ගංවතුර සහ නියඟ වැනි ස්වාභාවික උවදුරු සඳහා ජල සම්පත් කළමනාකරණය සහ සැලසුම් කිරීම සඳහා ගංගා ගලායෑම සහ බැහැර කිරීම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් අත්‍යවශ්‍ය වේ. මෙමඟින් ඒ සඳහා අවශ්‍ය දැනුමද ලබා ගැනීමට හැකියාව ලැබේ. SWOT මඟින් විල් සිය දහස් ගණනක දත්ත මෙන්ම මධ්‍යම-විශාල ගංගාවල විසර්ජන පරිමාවන් ලබාදෙනු ඇත.

SWOT වැනි යානා අහස් තලයට මුදාහැරීම වැනි ක්‍රියාවලිවල පවා මුදුන් පමුණුවා ගන්න ප්‍රධාන අරමුණ වන්නේ ජල සම්පත ආරක්ෂා කර ගැනීමයි. ශ්‍රමය, ධනය මෙන්ම මානව බුද්ධියද කැප කරමින් වෙහෙස වන්නේ අපිට අවශ්‍යම සම්පතක් වන ජලය ආරක්ෂා කර ගැනීමටයි. වසරක පමණ සැලසුමකින් මෙන්ම ලොව පුරා විසිරුණු බුද්ධි සංකලනයකින් හෙබි SWOT යානය මතු දිනක අහස් තල සිප ගගන සරමින් තොරතුරු විශාල ප්‍රමාණයක් පෘථිවි වැසි අපි වෙත ලබාදෙන බව නොඅනුමානයි. එම ක්‍රියාවලිය සාර්ථක වේවායි පැතීම අපගේද එකම අරමුණයි. නුදුරු අනාගතයේදී SWOT යානය මඟින් ලැබෙන තොරතුරුද එක්රැස් කරමින් ජලජ සම්පත මනාව රැකගනිමින් නියං, ගංවතුර වැනි ස්වාභාවික ආපදාවලට ප්‍රති අභියෝගයක් වෙමු.

-චතුනි හිරුෂිකා
Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top