සැප ගන්න ගිහින් නැතිවුණු සේසත
Tuesday, 29 November 2022 - 16:54 | Views - 485
ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.
කළුතර උතුර සහ වස්කඩුව ප්රදේශයේ පදිංචි 27 සහ 28 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් කාන්තාවන් ලෙස මුහුණු පොතේ පෙනී සිට ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට පළ කර නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා පහරදී යතුරුපැදිය , ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන කොල්ලකෑ යතුරුපැදිය සහ ජංගම දුරකථනයද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
- උපුටා ගැනීම - ලංකාදීප
Share This Article