අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන ඔබට - අනතුරු ඇඟවීම මෙන්න
Tuesday, 29 November 2022 - 15:16 | Views - 800
අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව, නොවැම්බර් 26 වනදා වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල හා ගාල්ල යන ප්‍රදේශවලදී මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළත් කිරීමෙන් පසු හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Share This Article