පැය 12ක ජල කප්පාදුවක්
Tuesday, 29 November 2022 - 14:44 | Views - 381
කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද (29) පැය 12ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අද පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ එම ජල සැපයුම අත්හිටුවන බව යි එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව කළුතර උතුර, කළුතර දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත යි.
කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව යි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.
Share This Article