Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
මිසිස් ග්‍රෑන්ඩ් තරගයට ගිය සුරූපිනියගෙන් තවත් වීඩියෝවක්..(Video & Photos)
Sunday, 27 November 2022 - 16:40 |
Views
- 7,810
මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 පසුගියදා මියන්මාරයේ මණ්ඩලේ නුවරදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ රසාංගි චාමිකා විතානවසම් එම දැක්මට සහභාගී වීමෙන් පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කෙළේ මාධ්‍ය හමුවක් ද පවත්වමිනු යි.
ඇය පැවසුවේ මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 ජාතික සංවිධායකවරයා තමන්ගේ මුදල් වංචා කළ බවත් එම කිරුළ ලබා ගැනීම දක්වා යාමට නම් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවයි.
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම කිසිසේත්ම සුළුකොට තැකිය හැක්කක් නොවේ.
නීතියට අනුව නම් එවැනි හැඟීමකින් කාන්තාවක් දෙස බැලීම පවා අපරාධ ගණයට අයත් වනවා.
කෙසේ හෝ වේවා, ඇගේ මේ හෙළිදරව්ව තතු නොදත් බොහෝ දෙනෙක්ගේ හාස්‍යයට ලක්වුණා.
තවත් පිරිසක් ඇයව සමච්චලයට ලක් කරන අයුරුද දැක ගත හැකි වුණා.
නමුත් ඇය නිර්භයව දිගින් දිගටම මෙම අසාධාරණය වෙනුවෙන් නොනවත්වා හඬ දුන් අයුරු දැකගත හැකි වුණා.
එසේ හඬ දුන් ඇය අවසානයේ මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
ඒ සටහනක් ද සමඟිනු යි.
හැමොම මගෙ අවුරුදු එකහාමාරකට කලින් voice clip එකක් ගැනනේ කතා කරන්නේ...
ඒක දැන් ඉවරයී...
එන්න අපි දෙවනී කතාව අහමූ....
ඒක ඊට වඩා රසවත්...
පටලවාගන්න එපා.. මේකත් අද ඊයේ එකක් නෙමෙයී.හුරතල් වෙලා voice recording අරන් ඊට පස්සෙ පොලීසී ගියාට පස්සෙ සිදු වූ සිදුවීමක්...
මං මෙතුමව මුලින්ම පොලිසී ගෙනිච්ච වෙලේ.මගෙ සල්ලි දීලා පැත්තකට උනා නම්, මේ ප්‍රශ්න කිසිවක් නෑනේ.කොහෙද ඇහුවේ නෑනේ. ඔහොම තමයී හැම ගහටම කොටලා කෙසෙල් ගහට කෙටුවාම වෙන්නෙ...
අන්තර්ජාතික Mrss Grand International 2022 තරගයට ඉදිරිපත් වූ තමන්ගෙන් එම තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්යක්ෂවරයා ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් චාමිකා විතානවසම් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවා. එම මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව ඇය ගැන විවිධ පුවත් හතර අතේ පළවෙන්න පටන්ගත්තා. දැන් ඇය මේ ගැන කියන්නේ වෙනස්ම කතාවක්.
"මම මිසිස් ඉන්ටර්නැෂනල් තරගයට සහභාගි වෙන්න පසුගිය මාසයේ හය වැනිදා මියන්මාරය බලා පිටත්ව ගියා. ඒ රටට ගියාට පස්සෙ නවාතැන් ගන්න මගේ නැෂනල් ඩිරෙක්ටර් මලිත් රණසිංහ මහත්මයා ‘සිඩ්නි. කියන හෝටලයේ අවසරපතක් දීල කිව්ව සංවිධායක කමිටුවෙන් හරි” හොටෙල් එකෙන් හරි මාව ගන්න එනව කියල. පසුව මගේ මුදල් වියදම් කරගෙන හොටෙල් එකට ගියා. එතනදි මාව බොහොම වැදගත් විදිහට පිළිගත්ත. මේ තරගයට ඉදිරිපත් වෙන්න ඇමරිකාවෙන් ආපු තවත් කාන්තාවක් මේ හෝටලයේම නවාතැන් ගෙන තිබුණ. ඇයවයි මාවයි අදාළ තැනට ගෙනියන්න සංවිධායක කමිටුවෙන් කෙනෙක් එවල තිබුණ. එයා අපිව අරගෙන ගියේ බස් එකේ. ගමන පිටත්වෙන්න කලින් ඒ නියෝජිතයා මට කියනව” මිස්” ඔයා හොටෙල් එකේ බිල් එක ගෙවලා නැහැ” ඒක ගෙවල ඉන්න කියල. එතනදි මම කිව්ව මගේ නැෂනල් ඩිරෙක්ටර් සංවිධායක කමිටුවට ගෙවල තියෙන්නෙ” මෙහෙන් ඒක ගෙවනව කිව්ව” ඔයා නැවත වතාවක් පරීක්ෂා කරල බලන්න කියල. නමුත් ඒ නියෝජිතය කිව්ව මම තහවුරු කරල කියන්නෙ” මිස් තමයි ගෙවන්න ඕන කියල. මම කිව්ව” මට ලෙටර් එකක් දෙන්න මම බිල් එක ගෙව්ව කියල” ඉන් පස්සෙ මම ගෙවන්නම් කියල. ඒක ඩොලර් පණහක පමණ මුදලක්.
අපි එතැනින් පිටත් වෙලා අපි ගියේ සැලෝ කියන හොටෙල් එකට. එතැනදිත් මට හොඳ පිළිගැනීමක් තිබුණ. ෆොටෝ ෂූට් එකක් පවා කළා. 08 වැනිදා පටන් 14 වැනිදා දක්වා මම නවාතැන් ගත්තෙ ඒ හෝටලයෙ. මොකද අවසන් තරඟය තිබුණෙ 14 වැනිදා. 13 වැනිදා සංවිධායක කමිටුවෙන් මට කතාකරල කිව්ව ඔයාගෙ ජාතික සංවිධායක මලිත් රණසිංහ මහත්මයා ඔයා වෙනුවෙන් මුදල් ගෙවල නැහැ කියල. ඒ කියන්නෙ මම ඒ රටේ ඉන්න කාලසීමාව තුළ මට ලැබෙන පහසුකම් වෙනුවෙන් ගෙවන මුදල. ඒක ඩොලර් දහසක්. මම ඒ වෙලාවෙ හිටියෙ මගේ සම්මුඛ පරීක්ෂණයට සූදානම් වෙලා. ඇත්තටම මට හිතාගන්න බැරි වුණා මම මොකක්ද කරන්න ඕන කියල. එතනදි ඔවුන් කියනව ඔබ වෙනුවෙන් මුදල් ගෙවල නැති නිසා අවසන් තරගයට ඉදිරිපත් වෙන්න බැහැ” මිසිස් ශ්‍රී ලංකා අපිට සමාවෙන්න කියල.
මම ඔවුන්ට කිව්ව ඒ දේ කරන්න එපා” මලිත් මහත්මයාට කතාකරල මම පිළිතුරක් දෙන්නම් කියල. ඔවුන් ඒ වෙලාවෙ මට පැය භාගයක කාලයක් ලබා දුන්න. මම ඒ මොහොතෙම මලිත් මහත්මයාව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඔහු මාව ෆේස් බුක් සමාජ ජාලයේ පවා බ්ලොක් කරල තිබුණෙ. එකම මාර්ගය තිබුණෙ වට්ස්ඇප් විතරයි. නමුත් ඒ පහසුකමත් ඔහු ඉවත් කරල තිබුණ. ඒ වෙලාවෙ මම මගේ ගෙදරට කතාකරල කිව්ව මම මේ වෙලාවෙ බෙස්ට් ටැලන්ට් සහ බෙස්ට් නැෂනල් කොස්ටියුම් කියන තරඟ අවස්ථාවන් වලට තේරිලා ඉන්නෙ” මට තමයි දිනන්න අවස්ථාව තියෙන්නෙ අනේ කොහොම හරි ඒ මුදල ගෙවන්න කියන්න කියල. ගෙදර අයටත් ඔහුව සම්බන්ධ කරගන්න බැරි වුණ තැන මගේ මල්ලිල දෙන්නෙක් කඩවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වෙලාවෙ ස්ථානාධිපතිතුමා මලිත් මහත්මයාව සම්බන්ධකරල දුන්න. ඒ අවස්ථාවේ මුදල් ගැන කතා කරද්දි මට ලැබුණ කාලය අවසන් වෙලා තිබුණ.
විසඳුමක් නැති තැන මම මගේ මහත්තයට කථා කළා. ඔහු ඉන්නෙ ඇමරිකාවෙ. මම ඔහුට කිව්ව මුදල් ගෙවන විදිහක් මට කියන්න කියල. මොකද ලංකාවේ රාජ්‍ය බැංකුවලින් ගෙවන්න බැහැ කියල තිබුණෙ. ඔහු ඒ වෙලාවෙ ඩොලර් දහසක් ගිණුම්ගත කළා. මම සංවිධායක කමිටුවෙන් ඇහුව මුදල් දැම්මට පස්සෙ මට තරගයට ඉදිරිපත් වෙන්න පුළුවන් නේද කියල. ඔවුන් ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඒ අතර ගෙදර අය පොලිසිය මාර්ගයෙන් මලිත් මහත්මයාගෙන් රුපියල් තුන්ලක්ෂ අනූදහසක මුදලක් අරගෙන තිබුණ. මම අවසන් තරඟයට ඉදිරිපත් වුණාට පස්සෙ ජයග්රාහකයන්ගෙ ටයිටල් ටික කිව්ව. එතනදි මට කිසිම ජයග්‍රහණයක් ලැබුණේ නැහැ. මම ගින්දරත් එක්ක ඉදිරිපත් කළ තරඟ ඉසව්ව ඔවුන් පුදුම වෙලා බලාගෙන හිටිය. නමුත් ගෙදර අය කිව්ව අවසන් තරඟයේදි මාව වේදිකාවෙ දකින්නවත් ලැබුණේ නැහැ කියල. එතැන තිබුණ පුළුල් තිරවල පවා මාව පෙන්නල නැහැ. දැන් මගෙ අතේ තමයි වරද තියෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ. ඔවුන් මට කොලයක ඒ විස්තරේ ලියල දුන්න. මම කිව්ව මට දැන් කියවන්න තරම් මානසික තත්ත්වයක් නැහැ” ඒක ෆොටෝ එකක් ගහගන්නද කියල. මම අතින් මුදල් ලක්ෂ අටක් නමයක් ගෙවාගෙන ලංකාව වෙනුවෙන් තමයි ඒ තරඟයට සහභාගි වුණේ. නමුත් අවසානයේ රටවල් 25ක් ඉදිරියේ මට ලොකු අපහසුතාවකට පත්වෙන්න සිදු වුණා.
15 වැනිදා නැවත මම ලංකාවට එන්න පිටත් වෙන්න මොහොතකට කලින් ඔවුන් ඒ රටේ ලෙටර් හෙඩ් එකක් සහිත ලිපියක් මට දුන්න. මම පසුගියදා මාධ්‍ය ඉදිරියේ කතා කළේ මට සිදු වුණ අසාධාරණය ගැන. එතැනදි මාධ්‍යයත් මට කැලලක් වෙන විදිහට තමයි කතා කළේ. යූ ටියුබ් මාධ්‍යයේ වගේම ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහාත් මට විරුද්ධව මඩ ප්‍රචාර පැතිරුණා. කිසිම කෙනෙක් ලංකාවට සිදු වුණ අසාධාරණය ගැනවත්” මට සිදු වුණ අසාධාරණය ගැනවත් කතා කළේ නැහැ. වොයිස් කට් එක තමයි හැමෝටම වැදගත් වුණේ. එයා දෙතුන්වතාවක්ම මට කතා කළා. මම සැරපරුෂ විදිහට කතා කළා නම් ඒ වොයිස්කට් එක එයාගෙන් ගන්න බැහැ. හඬපටය වුණත් ඔවුන්ට මම ලබාදුන්නෙ දුන්නෙ සිද්ධිය ගැන දැගන්න පමණයි. නමුත් මාධ්‍ය ඉදිරියේ මට නොකියම ඔවුන් ඒක ඉදිරිපත් කළා. එතනින් පස්සෙ ගමේ අය” යාළුවො මට කතාකරල මොකක්ද මේ සිද්ධ වුණේ කියල අහන්න පටන් ගත්ත. අවසානයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මම මගේ නම නැති කරගත්ත වගේ දෙයක් තමයි කරගත්තේ.
තරඟයෙන් පස්සෙ මම දවස් තුනක් ඒ රටේ හිටිය. නමුත් කිසිම ඒ රටේ සංවිධායකයොවත්” මේ රටේ සංවිධායකයොවත් මං ගැන හොයල බැලුවෙ නැහැ. මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළෙත් මම නෙමෙයි. මම ඒ ගැන දන්නෙත් නැහැ. මගේ මහත්තය හරහා අපෙන් රටට කියන සිවිල් සංවිධානය හරහා මට ආරාධනා පත්‍රයක් ලැබුණ. ඒ වෙලාවෙ මම කිව්වා මේච්චර දවසක් තනියම වැදගත් විදිහට ගිහින් ඇවිත් මගේ නමත්” රටේ නමත් රැකගත්තා. ඒ නිසා මට ලැජ්ජා වෙන දෙයක් කරන්න එපා කියල. ඒ විශ්වාසය මත රෙකෝඩින් එක පවා ලබා දුන්න. නමුත් මම නොහිතපු වෙලාවක ඒක ඉදිරිපත් කළා. මගේ කතාවත් සම්පූර්ණයෙක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණෙ නැහැ. ඒක මට සිදු වුණ ලොකු අසාධාරණයක්. මම මේ හැමදේම කළේ නැවතත් තවත් කාන්තාවකට මෙවැනි දෙයක් සිදු නොවෙන්නයි.
මහේෂ් එදිරිසිංහ
Share This Article
Health & Life
ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් ළමුන්
Sunday, 29 January 2023 - 8:50
393
Views
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Read More
චූටි පැටියගේ හිස මැද පුංචි වළක් ? දන්නේ නැත්නම් දැනගන්න
Friday, 27 January 2023 - 10:19
4,557
Views
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Read More
ගැස්ට්‍රයිටිස් වලින් ඔබත් මිදෙන්න ?
Thursday, 26 January 2023 - 8:22
423
Views
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Read More
හොඳ නරක දෙකම ඇති - ඊර්ෂ්‍යාව
Wednesday, 25 January 2023 - 11:03
2,380
Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Read More
අලුත් ලෝකෙට දරුවො හදන හැටි දැනගන්න ?
Wednesday, 25 January 2023 - 7:31
2,348
Views
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Read More
View All
Entertainment
ඉරාජ් - යුරේනිගේ පෝස්ටර් ගහගෙන ඒ කාලේ මොකද කළේ.. (Video)
Sunday, 29 January 2023
466
Views
සරාගී - ගරාජය (Photos)
Sunday, 29 January 2023
237
Views
හබීට හති වැටුණු - විනුගේ Unlimited surprises (Video)
Sunday, 29 January 2023
1,681
Views
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Read More
ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන සම්ප්රදාය අතික්‍රමණය කළ, හිරු TV වෙතින් පිදෙන මීළග දැවැන්ත ඩිජිටල් ප්‍රාසාංගික අත්දැකීමට - අද සිට..
Saturday, 28 January 2023
119
Views
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Read More
බුවී අමු සිංහලෙන් කියපු දෙයක් ගැන - කාලයක් ගිහින් සජිත මතකය අවදි කරයි (Photos)
Friday, 27 January 2023
1,882
Views
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Read More
View All
Technology
ලුසී -ග්රහක පරීක්ෂාවකට
Saturday, 28 January 2023
65
Views
අබිරහස් සර්පිලාකාර වස්තුවක් ?
Friday, 27 January 2023
368
Views
කවදාවත් කාලා ඉවර කරන්න බැරි තරමේ පීසා එකක් (Photos)
Wednesday, 25 January 2023
177
Views
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Read More
ලොව දුලබම චිම්පන්සි පැටවෙකු එක්සත් රාජධානියේ සත්තු වත්තක උපත ලබයි
Wednesday, 18 January 2023
239
Views
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Read More
ටී රෙක්ස් - අහිමි පුරුක
Friday, 16 December 2022
547
Views
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...
Read More
View All
Follow Us
අසිරිමත් දළදාගමනය
දිවිතුරා
ලංවී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ලෝකයේ කාර්යබහුලම, ලස්සනම, උසම,වැඩිම මිලක් අය කරනු ලබන නිරූපණ ශිල්පිණිය (Photos)
Friday, 27 January 2023
672
Views
අයිෆා සම්මාන උළෙල මෙවරත් අබුඩාබියේ දී..
Wednesday, 11 January 2023
193
Views
ෂාරුක්ගේ පතන් චිත්‍රපටයට - හොලිවුඩ් තරුවක්
Monday, 19 December 2022
329
Views
Avatar චිත්‍රපටයේ තුන්වන කොටස 2024 දී
Monday, 12 December 2022
305
Views
තාත්තා ගැන ලිලී රෝස්ගේ අමුතුම කතාව (Photos)
Friday, 09 December 2022
369
Views
View All
Most Viewed
හබීට හති වැටුණු - විනුගේ Unlimited surprises (Video)
Sunday, 29 January 2023
1,681
Views
ඩෙංගුත් ඉන්ෆ්ලුවෙන්සාත් උඩ එයි - වෛද්‍ය අංශයෙන් රතු එළියක්
Sunday, 29 January 2023
1,170
Views
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් (Video)
Sunday, 29 January 2023
1,129
Views
ඒ, මගේ එකනම් කන්න එපා අලි පැටියෝ -අම්මෝ, ජොලියක් ගත්ත ජරමරයක්.. (Video)
Sunday, 29 January 2023
632
Views
සුදු කතකගේ කෝටියක රන් වලට මගපෙන්වන්නෙක් විදලා
Sunday, 29 January 2023
616
Views