ගෑස් නිකුත් කිරීම ගැන ලිට්රෝ සමාගමෙන් දැනුම් දීමක්
Sunday, 27 November 2022 - 14:34 | Views - 2,524
ලබන බදාදා දිනය තෙක් ගෑස් වෙළෙඳපොළට සීමා සහිතව නිකුත් කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, උත්සවය සමය තුළ පවතින අධික ඉල්ලුමත්, ඇනවුම් කර ඇති ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීමත් මීට හේතුව බවයි.
කෙසේවෙතත්, ලබන 30 වන දින වන විට ගෑස් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත අතර එම ගෑස් ගොඩබෑමෙන් පසු සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article