2022 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මස මුල් සතියේ පැවැත්වීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.
2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සමස්තයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 74 ක ප්‍රතිශතයක් සමත්වී ඇති බවයි.
එහිදී, අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකළ ගුරුවරුන්ට ගෙවීම් කටයුතු සිදුකරමින් පවතින බවයි.
එමෙන්ම, පාසල් පෙළපොත් මුද්‍රණයට විදේශ විනිමය හිඟය බලපා තිබුණද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික අංශයේ සහයෝගය ද ඇතිව එය නිසි පරිදි අවසන් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.