බිරියට නිර්දෝෂී බව ඔප්පු කරන්න සැමියා කළ අමුතු දේ
Sunday, 27 November 2022 - 12:56 | Views - 5,090
අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වී තිබෙනවා.පොල්පිතිගම පොලිස් බල ප්රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා තිබෙනවා.කෙසේ වෙතත්, ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප්රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් සඳහන් කර සිටියා.
- උපුටා ගැනීම - ලංකාදීප
Share This Article