බිත්තරයක නිසි මිල - සතියක් ඇතුළත ප්‍රකාශයට
Sunday, 27 November 2022 - 9:54 | Views - 891
ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, කුකුළු කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව වර්තමානයේ පවතින මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කොට ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මුදල් සහ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළා.

ඒ, එහි සභාපති ආචාර්ය, හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එසේම, අදාළ රෙගුලාසි පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීම ද මෙහිදී සිදුකෙරුණා.

එසේම, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ වන නියෝග පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකඡාවට ලක්ව තිබෙනවා.

එහිදී කාරක සභා සාමාජිකයන්ගේ මතය වුයේ ඒ සඳහා අනුමතිය ලබාදීම රටේ සංවර්ධනයට වඩාත් ඵලදායි වන අයුරින් සකස් කිරීමෙන් අනතුරුව සලකා බැලීම වඩාත් සුදුසු බවයි.

මෙහිදී කැසිනෝ නියාමන අධිකාරියක් නොමැති වීම හේතුවෙන් පවතින ගැටලු‍ සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 


 
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අවදානය යොමු...
Hiru Tv Blog
පලතුරු ලෝකයේ අපි බොහෝ දෙනෙක් කන්න ආස කරන...
Hiru Tv Blog
පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත්...
Hiru Tv Blog
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය...
Hiru Tv Blog
රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම...
Hiru Tv Blog
ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි...ඒ ආදරය දැන් එන්න එන්න පරිණත...
Hiru Tv Blog
රොෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඉතින් දැන් හැමෝම...
Hiru Tv Blog
මේ අම්මට ඉතින් කතා කරන්න, ඇවිදින්න , ගෙදර වැඩවලට උදව් කරගන්න දූලා තුන්දෙනෙක්ම...
Hiru Tv Blog
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු...
Hiru Tv Blog
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර...
Hiru Tv Blog
මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top