කැස්ස, හෙම්බිරිස්සාව සහ උණෙන් බේරෙන්නේ මෙහෙමයි
Saturday, 26 November 2022 - 14:07 | Views - 1,326

මේ දිනවල කැස්ස, හෙම්බිරිස්සාව මෙන්ම වයිරස් උණ ආදී රෝග තත්ත්ව ඉතා ඉක්මනින් පැතිරී යන වකවානුවකි. අධික වැස්ස, සීතල දේශගුණය බොහෝ පුද්ගලයන් රෝගී වීමට හේතුවකි. බොහොමයක් දෙනා වැස්සට තෙමීමත්, සීතල ගතිය ඔරොත්තු නොදීමත් නිසා ඉහත සඳහන් කළ රෝගාදියට පහසුවෙන්ම ගොදුරු වේ. එබැවින් මේ කාලයේදී අපි සියලුම දෙනා සනීපාරක්ෂාව ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් විය යුත්තෙමු. තමා මෙන්ම අන් අයද රෝගවලින් ආරක්ෂා වනු පිණිස සෞඛ්‍ය පුරුදු පිළිපදිමු.

♦ කවර හෝ පුද්ගලයකු උණ හෝ කැස්ස හෝ හෙම්බිරිස්සාව ගතියෙන් පෙළේ නම් නිවසෙහි රැඳී සිටින්න. සුව වන තුරු විවේක ගන්න. එවිට අන් අය අතරද රෝග සම්ප්‍රේෂණය වීම වැලකේ.

♦ හෙම්බිරිස්සා ගතිය ඇති පුද්ගලයන් අනිවාර්යෙන්ම ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කරන්න.

ටිෂූ තැන තැන දැමීම වෙනුවට ඒවා නිසි පරිදි බැහැර කරන්න.

♦ කිවිසුම් යාමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කරන්න.

තම වැළමිට ආධාර කර ගෙන කෙළ බිඳිති අවටට නොවිසිරෙන ආකාරය මින් අදහස් වේ.

♦ දෛනික වැඩ කටයුතුවලදී සීතල වතුරෙන් හැකිතරම් පරෙස්සම් වන්න. නොඑසේනම් මෙකී රෝගාදිය තවත් උත්සන්න වීමට පුළුවන.

♦ දින 02ට වඩා උණ කල් අල්ලා පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.

♦ ගුණවත් , පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න. ඔබට සෙම ගතිය ඇත් නම් ආහාර රුචිය අඩු විය හැකියි. ඒත් ඔබ රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට නම් හොඳින් ආහාර පාන ලබා ගත යුතු වේ. එමගින් අඩාල වූ කායික ශක්තිය මෙන්ම ප්‍රතිශක්තියද වර්ධනය කර ගත හැකි වනු ඇත.

♦ සිසිල් වූ ආහාර වෙනුවට මඳ උණුසුමින් යුත් ආහාර අනුභව කිරීම සුදුසු වේ.

♦ නිවසේම පිළියෙළ කළ ආහාර රෝගියාට පිළිගන්වන්න. දැඩි වර්ෂාපතනය නිසා මේ වනවිට ප්‍රදේශ බොහොමයක්ම ගං වතුරින් යටවී ඇත. එවැනි වකවානුවකදී පිටතින් ලබා ගන්නා ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලු මතු වේ.

♦ එළවළු, පළා වර්ග හොඳින් සෝදා පිස ආහාරයට ගන්න.

♦ මනාව ජලය පානය කරන්න

සීතල වතුර වෙනුවට හොඳින් නටවා උණු කර ගත් ජලය පානය කිරීම සුදුසුය. එයද මඳ උණුසුම පැවතියදී නම් වඩාත් ගුණදායක වේ.

මේ කාලයේදී සිරුරේ අඩාලවූ ප්‍රතිශක්තිය නැවතත් වඩවා ගැනීම කළ යුතු වේ. රෝගී වී පසුතැවෙනවාට වඩා රෝගවලින් බේරීමටත් රෝග පාලනය කර ගත හැකි ක්‍රම අනුගමනය කිරීමටත් දැනුම්වත් වීමත් ඔබට කළ හැකි වේ.

-සටහන- මාධවී ධර්මරත්න 


Share This Article
Hiru Tv Blog
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Hiru Tv Blog
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Hiru Tv Blog
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Hiru Tv Blog
Wednesday, 25 January 2023 - 11:03
Hiru Tv Blog 2,382 Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Hiru Tv Blog
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Hiru Tv Blog
Sunday, 29 January 2023
Hiru Tv Blog 241 Views
Hiru Tv Blog
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Hiru Tv Blog
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Hiru Tv Blog
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Hiru Tv Blog
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Hiru Tv Blog
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය‍, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top