මට නම් ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ - ආදරණීය බැඳීමක් පවත්වාගෙන යෑමට විවාහ විය යුතුම නැහැ (Photos)
Saturday, 26 November 2022 - 11:38 | Views - 5,540
"අප තුළ තිබෙන ආදරය අනෙකාට පෙන්වීමටත් දැනගත යුතුයි.

මට කුඩා කල සිට ආදරය උපරිමයෙන් ලැබුණා.

මම අතිශය සංවේදියි. මා මුහුණදුන් ප්‍රශ්න හමුවේ පසුගිය කාලයේ මා අධිකව මානසික ආතතියට පත්වුණා.

එනිසා පෞද්ගලික හේතු කාරණා 02ක් මත මම ජීවිතයේ එක්තරා වැදගත් තීරණයක් ගත්තා...."

රයිනි කියන්නෙ කලා පවුලකින් පැවත එන අති දක්ෂ ගායන තාරකාවක් බව ඔබ කවුරුත් දන්නවනෙ.

ඇය කරන කවර ගීතයක් වුවත් ඉතාමත් ජනප්‍රියයි.

මේ ඈ සති අන්ත පුවත්පතකට දැක්වූ අදහස් කිහිපයක්...

අලුත් වැඩකටයුතු මොනවාද?

මගේ Short Film එකත් සමඟ කාර්යබහුලයි. මම ගෘහස්ථ – එළිමහන් යන ප්‍රසංග දෙවර්ගයම සමබරව කරගෙන යන නිසා ප්‍රසංග රැසකටම ආරාධනා ලැබෙනවා.

ඔබගේ Short Film එක ගැන කීවොත්?

එය “කඳුළට හිත බය හින්දා – The Series Season – 01.” නිෂ්පාදනය මගේ. අධ්‍යක්ෂණය ධනුෂ්ක රත්නායක මහතාගේ. මෙය “කළුවරට හිත බය හින්දා” මගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ කතාව තවදුරටත් වැඩිදියුණු කිරීමක්. එවැනි දෙයක් කරපු ලංකාවේ පළමු ආර්ටිස් මමයි. මෙහි මා, දර්ශන් තලවරාජා, මනුරංග විජේසේකර, අංජුලා මනතුංග (දිල්හානි ඒකනායක මහත්මියගේ දයාබර ලේලිය) සහ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම සිටිනවා. නොවැම්බර් 30 වැනිදා එය එළිදක්වනවා.

රයිනි චාරුකා කියන්නේම සංගීත කේෂ්ත්‍රය තුළ බ්‍රෑන්ඩ් එකක් නේද?

මම කවදාවත් මගේ මවුපියන්ගේම තවත් කොපියක් වුණේ නැහැ. ඔවුන් මවුපියන් නිසා ඔවුන්ගේ ආභාසයන් මිශ්‍ර වීමක් මා තුළ තිබුණත් මටම අනන්‍ය වූ කැරැක්ටර් එකක්, Personality එකක් වගේම මටම ආවේණික ඉලක්ක සහ සිහින ටිකතුත් තිබෙනවා. ඒ සියල්ලේම එකතුවෙනුයි රයිනි චාරුකාව නිර්මාණය වන්නේ. මට උපතින් ලැබුණු කිසිවක් ලංකාවට ගැළපෙන විධියට මම වෙනස් කළේ නැහැ. ඔබට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනෑ නම් තමන්ටම ආවේණික ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්න සෑම විටම තමන් තමන්ට අවංක වෙන්න, තමන් තමන් විධියටම පෙනී සිටින්න මේ ක්‍ෂේත්‍ර තුළ නමක් රඳවන්න පුළුවන් වෙන්නේ අපි අපිම වුණොත් පමණයි. සාර්ථකත්වය කියන්නේ තමන් තමන් වෙන එක මිස ක්‍ෂේත්‍රය තුළ මවාපෑමක් සමඟ ජීවත් වීම නෙමෙයි. එවිට ජීවිත නඩත්තු කිරීම හරි පහසුයි. අමුතුවෙන් මවාපාන්න දෙයක් ඒ තුළ නැහැ.

ඔබ ගැයූ ගීත සියල්ලම ඉතාම ජනප්‍රිය වුණා. ගීත තෝරා ගැනීමේදී සැලකිලිමත් වන කාරණා මොනවාද?

ගීතය මට ලස්සන නම්, දැනෙනවා නම් මම ඒක කරනවා. ඒ ගීය Slowද Fastද යන දෙය මට අදාළ නැහැ. අතිශය බර වචන සහ අතිශය සරල වචන තිබෙන ගීතවලටත් මම කැමැති නැහැ. මගේ තේරීම ඒ දෙක අතර මැදිව ගලායන වචන සහිත ගීත. මගේ ගීත පොදුවේ සෑම වයස් සීමාවකටම, සෑම වර්ගයකම ගීතවලට ප්‍රිය කරන පිරිසට ගැළපිය යුතුයි. එක් ශෛලියකට කොටු වෙන්න මම කැමැති නැහැ. මම තමයි අදටත් ලංකාවේ Reggae ශෛලියට ගීත ගායනා කරන එකම කාන්තා නියෝජනය. Reggae ශෛලිය ප්‍රිය කරන ප්‍රජාව ඇතුළේ “Princess of Reggae’’ යන අන්වර්ථ නාමයත් මට පටබැඳී තිබෙනවා. ජය ශ්‍රී වගේම චින්ති සමඟ කළ කාන්දම් දෑස, තරුමිනි ඔච්චම් ගීත දෙකත් Reggae. නීල කඳු ගැටේ සින්දුවත් එහෙමයි. මගේ අනෙක් සින්දු හැම එකක්ම Reggae ශෛලියට ප්ලේ කරන්න පුළුවන් සින්දු.

ඇතැම් නවකයන්ට ගීත ගායනා කිරීමේ හැකියාවක් නැතැයි චෝදනාවක් තිබෙනවා නේද?

ඇතැමෙක්ට 100%ක්ම සින්දු කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තාක්ෂණය හෝ වෙනත් ක්‍රමයක් උපයෝගි කොටගෙන සින්දු කීමටත්, යම් රසාස්වාදයක් උත්පාදනය කිරීමටත් දක්ෂතාවක් තිබිය යුතුයි. ජාත්‍යන්තරය තුළ එවැනි අතිශය ජනප්‍රිය ආර්ටිස්ලා ඕනෑ තරම් සිටිනවා.

සාර්ථක ආර්ටිස් කෙනෙක් වීමට 100%ක් දක්ෂතාව තිබිය යුතු නැහැ. රසිකයන් පිනවීමේ හැකියාව, නර්තය, ගායනය වැනි කුමක් හෝ ඔබ සතු නම් කලාව තුළ තම පැවැත්ම නිර්මාණය කරමින් බ්‍රෑන්ඩ් එකක් විය හැකියි. ලංකාව තුළත් එවැනි ආර්ටිස්ලා ඕනෑ තරම් සිටිනවා.

පසුගිය කාලයේ රටේ පැවැති වාතාවරණය ඔබට දැනුණේ කොයි ආකාරයටද?

රට දාලා යන්න වෙයිදෝ කියන බිය ඇති වුණා. මේ වන විට අපි යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඒ දේවල් ඉදිරියට කරගෙන යන්නේ කෙසේද යන චකිතයත් ඇති වුණා. නමුත් මා උපයාගත් දෙයින් යමක් ඉතිරි කරගත් නිසා සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යෑමට එය ප්‍රමාණවත් වුණා. දැන් නැවතත් රට යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

ඉදිරියට එන්න තිබෙන නිර්මාණ මොනවාද?

ගිය නොවැම්බර් මාසයේ කළුවරයට හිත බය හින්දා ගීතය හා වීඩියෝව එළිදැක්වුණා. ළහිරු පෙරේරා සමඟ තව ගීත 02කුත්, තවත් අලුත් ගීතයකුත් කළා. ඒවා ඉදිරියේදී ඒවි.

ඔබ ජීවිතය හා ආදරය සම්බන්ධව යම් ආකාරයක සිත් තැවුලකින් පසුවන බව පැවැසෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වුණා. ඇත්තටම මොකක්ද ඒ පිටුපස ඇති සෑබෑ කතාව?

මා ආදර සම්බන්ධතාව ගොඩනඟා ගත්තේ අවුරුදු 18ක් වැනි කුඩා වයසින්. ඔහු මට වඩා අවුරුදු 07ක් වැඩිමහල්. අපි යාළුවෙලා අවුරුදු 13කුත්, විවාහ ජීවිතය තුළ අවුරුදු 06කුත් එකට ගත කළා.

ඔහු ඇත්තටම හරිම හොඳ හදවතක් ඇති ගෞරවනීය චරිතයක්. නමුත් අපි හැමෝම මිනිස්සු. ජීවිතයේ අපි සිතන _ පතන විධිය වයසත් සමඟ වෙනස් වෙනවා. දරුවන් සහ වෙනත් හේතු මත ජීවිතයේ ඇතැම් සිදුවීම්, පීඩන ඉවසමින් පවුලක් විධියට එකට සිටිය හැකි අවස්ථා තිබෙනවා.
ලෝකයට පෙනෙන්නට එසේ කරන අයත් සිටිනවා. දෙදෙනෙක් අතර නොගැළපීම්, මත-භේද ඇති නම්, ලස්සන කපල් එකක් විධියට පිටතට පෙනෙන්න පමණක් ඉඳලා වැඩක් නැහැ. ජීවිත ලස්සනට ඉදිරියට ගලාගෙන යෑමට පර්සනල් ලයිෆ් එක තුළ ගැළපීමත් තිබිය යුතුයි. මම ආදරය උපරිමයෙන්ම බලාපොරොත්තු වන අයෙක්.

නමුත් ජීවිතයට ආදරය පමණක්ම ප්‍රමාණවත් නැහැ. අප තුළ තිබෙන ආදරය අනෙකාට පෙන්වීමටත් දැනගත යුතුයි. මට කුඩා කල සිට ආදරය උපරිමයෙන් ලැබුණා. මම අතිශය සංවේදියි. මා මුහුණදුන් ප්‍රශ්න හමුවේ පසුගිය කාලයේ මා අධිකව මානසික ආතතියට පත්වුණා. එනිසා පෞද්ගලික හේතු කාරණා 02ක් මත මම ජීවිතයේ එක්තරා වැදගත් තීරණයක් ගත්තා.

නැවතත් ඔබට දැනෙන විධියේ ආදරයක් ලැබේවි කියා විශ්වාසයක් ඔබට තිබෙනවාද?

අනිවාර්යයෙන්ම. මට නම් ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ. එනිසා අනාගතයේ දිනෙක මම නැවතත් ආදරයක් විඳීවි, ආදරය කරාවි. නමුත් නැවත විවාහයකට යයිද කියන එක නම් නිශ්චිතවම කියන්න බැහැ. ආදරණීය බැඳීමක් පවත්වාගෙන යෑමට විවාහ විය යුතුම නැහැ.

දිනූෂා මනෝරි නිශ්ශංක
මව්බිම - හදගැස්ම 






Share This Article
Hiru Tv Blog
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Hiru Tv Blog
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Hiru Tv Blog
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Hiru Tv Blog
Wednesday, 25 January 2023 - 11:03
Hiru Tv Blog 2,380 Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Hiru Tv Blog
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Hiru Tv Blog
Sunday, 29 January 2023
Hiru Tv Blog 229 Views
Hiru Tv Blog
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Hiru Tv Blog
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Hiru Tv Blog
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Hiru Tv Blog
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Hiru Tv Blog
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය‍, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top