බොහෝ රෝග පීඩාදිය සමනයටත් නිට්ටාවට සුවකර ගැනීමටත් අත්‍යවශ්‍ය ප්රත්යක්ෂ ඔසුවක් තමයි ‘පෙරුම්කායම්’. එය කොයිතරම් දුරට ප්‍රයෝජනයට ගන්නවාදැයි කියතොත් රෝග සුව කිරීමේදී නොගෙන ඉන්නේ නැති තරමට එය අත්‍යවශ්‍ය වූවක්.
හිසරදයක් ඇත්නම් පෙරුම්කායම් ස්වල්පයක් ජලය ස්වල්පයක දියකොට දවසකට දෙවරක් පමණ පානය කළ යුතුයි. රුධිර නාළවල ප්‍රදාහයන් අඩුකොට රුධිර සංසරණය නංවා හිසරදය සුව කරයි.
කෘමි දෂ්ට කිරීම්වලදී සුදුලූනු ස්වල්පයක් සමඟ පෙරුම්කායම් විලේපයක් සාදා අදාළ ප්‍රදේශයේ ආලේප කිරීම ගුණ වෙනවා.
දත් කැක්කුම් ඇත්නම් පෙරුම්කායම් සහ කරාබු නැටි චූර්ණ කොට එම මිශ්‍රණය අදාළ දත සහිත පෙදෙසට යොදන්න.
ආහාර අජීර්ණය හා සම්බන්ධ ගැටලු සඳහා පෙරුම්කායම් යොදා ගන්නවා. පෙරුම්කායම් කුඩු කොට එයින් ස්වල්පයක් උණුවතුර සමඟ ගන්න. සතියක් පමණ මෙය ගන්න. උදරයේ අසාමානතා හා මඟහැරි කෑම රුචිය වර්ධනය වෙනවා.
කට ගඳ ගහනවට හා අධික ලෙස කෙළ ශ්‍රාවය වන අසාමාන්‍ය අවස්ථාවලදී පෙරුම්කායම් කුඩු ඉඟුරු සමඟ ගැනීම මැනවැයි කියා තිබෙනවා.
වටපණු ආසාදනවලදී පෙරුම්කායම් හොඳ ඔෟෂධයක්. ගෝනුසු විසට බුලත් යුෂින් මේවා අඹරා ගෑම ගැමි අපේ ඇත්තන්ගේ සිරිතක්. එසේම සිරුරේ සුළු ලප ආවාම පෙරුම්කායම් ස්වල්පයක් ගුළි කොට මී පැණි, ෙදාඩම් බිකක් දමා පුච්චා ගත් අළු මී තෙලින් අනා ගෑම හොඳයි.
නිතර ඉක්කා ඇතිවීමේදීත් පැරැන්නෝ කළේ පෙරුම්කායම් දැමූ දුම නාසයට ඉරීම කිරීමයි. එවිට එම තත්ත්වය දුරු වෙනවා. එසේම රෝගීන් සිටින ගෙවල්වල එදා කරපු ප්‍රධානතම දෙයක් තමයි පෙරුම්කායම්, ගුගුල්, වදකහ, අරළු, අබ, සුදුලූනු, සුවඳකොට්ටන්, කහඹිලියා මුල් යන මේවා සියල්ල සමව ගෙන කුඩුකර කොහොඹ තෙල් හෝ මුත්‍ර සමඟ අඹරා දිනපතා දුම් ඇල්ලීම් කිරීම ගුණදායකයි, සුදුසුයි.
ශ්වසන ගැටලු සඳහා පෙරුම්කායම් ග්‍රෑම් 3-6ක්, මීපැණි තේ හැඳි 2ක්, සුදුලූනු යුෂ තේ හැඳි කාලක්, බුලත් කොළ යුෂ තේ හැන්දක් සමඟ මිශ්‍ර කොට දවසකට තෙවරක් ගැනීමෙන් සුව සහනය ලැබෙනවා.
එසේම වඳභාවය, ගබ්සා වීම, අධික ඔසප් වීම, ඔසප් වේදනා, ශ්වේත ප්‍රදර වැනි ස්ත්‍රී රෝග රාශියකට ප්‍රතිකාර කිරීමේදී පෙරුම්කායම් යොදා ගැනෙනවා. එසේම පෙරුම්කායම් කුඩු බත් සමඟ මිශ්‍රකොට ස්ත්රීන්ගේ පශ්චාත් දරු ප්‍රසූති කාලයේදී ආහාරයට දීමේ සිරිතක් දකුණු ඉන්දියාවේ තියෙනවා. බොහෝ විට පශ්චාත් දරු ප්‍රසූති කාලයේදී ස්ත්‍රියට ප්‍රති ස්ථුලතා හා ආහාර ජීර්ණය යහපත් කිරීමට පෙරුම්කායම් දෙනවා. ඒ තරමටම එය ඉතා ගුණදායකයි. ඒ නිසා වෙද පොත්වල නැතිවම බැරි දෙයක් තමයි මෙම ඔෟෂධය.
සුශ්‍රැත සංහිතාව ඇසුරෙනි
විජිත කේ. පතිරණ