සනීපාරක්ෂාව රැකගෙන විලාසිතා කරන්න දැනගමු ..
Thursday, 24 November 2022 - 12:56 | Views - 420

තම සුවතාව රැක ගත යුත්තේත්, පවත්වා ගත යුත්තේත් අප විසින්මයි. සුවතාව ගිලිහුණු විටෙකදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමට , දෛනික ජීවන රටාවෙන් බැහැර වීමට , මානසික සුවතාව පවා බිඳී යාමට හේතු වේ. එබැවින් සුළු කාරණාවල පවා අපේ සුවතාව ගැබ්වී ඇත. ඇඳුම් පැළඳුම්වලින් අපේ සනීපාරක්ෂාව රැක ගන්නේ කෙසේද යන්න බලමු.

පුද්ගලයින් තෝරා ගන්නා සෑම ඇඳුමක් පැළැඳුමක්ම ශරීරයේ බාහිර අලංකරණය තීව්‍ර කිරීමට හේතු වනවා පමණක් නොව ඉන් අපට පහසුවක් ,ආරක්ෂාවක්ද දැනිය යුතු වේ. අපහසු ඇඳුමක් සුළු වේලාවක් ඉතා අකැමැත්තෙන් හැඳ සිටියද එය දිගු වේලාවක් පුරා හැඳ සිටීම අපහසු වන්නේ ඉන් අප බලාපොරොත්තු වන සුව පහසුව බිඳී යාම නිසයි. ඇඳුම් තෝරා ගැනීමේදී උඩ ඇඳුම මෙන්ම සිරුරේ පහසුව, සනීපය දනවන පරිදි යට ඇඳුම්ද තෝරා ගැනීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තෙමු.

ඒත් බොහෝ පිරිස් අද ඇඳුමේ පැහැය, වර්ගය, විලාසිතා මට්ටම ,අඳින පළඳින වේලාව නිර්ණය කළද තම යට ඇඳුම් ගැන කිසිඳු විශේෂයක් නොකරති. වේලීම සඳහා වැලේ වනා ඇති ඇඳුම පවා කිසිඳු ඉවක් බවක් නැතිව ඇඳ ගෙන යාමට හුරුවී සිටිති.ඒ තුළ කුඩා කූඹීන්, කෘමි සතුන් පවා සිටිය හැකියි. එසේ වුවහොත් එය ඔබට කෙතරම් අපහසුවක්ද?

තමා දෛනිකව පරිහරණය කරන යට ඇඳුම් සැමදාම හොඳින් සෝදා මනාව වියැළීමට ඉඩ හැර නැවත භාවිතයට ගත හැකියි.

බාගෙට වේළුණු යට ඇඳුම් පරිහරණය නිසා සමේ ආසාදන, දිලීර සහ තුවාල පවා ඇති වීමට පුළුවනි. එකම යට ඇඳුම භාවිතයද සුදුසු නොවන අතර කිහිපයක්ම මාරුවෙන් මාරුවට භාවිත කළ යුතුය. සමහර ඇඳුම් ක්‍රමවත් නොවීමේන් නිවසින් බැහැර වීමෙදිත් පවා සමහරු මහ මඟදිත් ඇඳුම් සකසමින් ගමන් කරති. සමහර යට ඇඳුම්වල සුවපහසුව කෙසේ වෙතත් පිටඔපය පමණි. ඇතැම් යට ඇඳුම් නිසා කකුල් කැපීම වැනි ප්‍රශ්න ඇති වේ. එවන් ඇඳුම් හැඳ පැළඳීමෙන් ගමනේ වාසිය පවා අහිමි වී යයි. එවැනි පුද්ගලයන්ට සිරුරට හිර නොවන පරිදි රුචිකත්වය මත ඇඳුම් තෝරා ගත හැකියි.

කොපමණ හොඳ වෙළෙඳ සන්නාම යටතේ ඇඳුම් පැළඳුම් තිබුණද තම අපේක්ෂාව ඉන් ඉටු නොවේ නම් සුදුසුම දේ මිලදී නොගැනීමයි. සමස්තයක් ලෙස ඇඳුම් පැළැඳුම් මගින් සමාජයේ කැපී පෙනෙන්නකු ලෙස ඔබ කෙතරම් ඉහළට ඔසවා තැබුවද එමගින් ඔබ අපේක්ෂිත සනීපාරක්ෂාව, ශාරීරික සුවය, පහසුව නොලැබේ නම් ඔබේ තෝරා ගැනීම කිසි විටෙකත් නිවැරැදි නොවේ.



-සටහන- මාධවී ධර්මරත්න
( උපුටා ගැනීම - ලංකාදීප )

 

Share This Article
Hiru Tv Blog
මෙරට ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන්...
Hiru Tv Blog
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න...
Hiru Tv Blog
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින්...
Hiru Tv Blog
Wednesday, 25 January 2023 - 11:03
Hiru Tv Blog 2,380 Views
ජීවිතය විඳිනවනම් ඊර්ෂ්‍යා කරන්න වෙලාවක්...
Hiru Tv Blog
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට...
Hiru Tv Blog
Sunday, 29 January 2023
Hiru Tv Blog 229 Views
Hiru Tv Blog
පුංචි තිරයෙන් ඔබ වෙත සමීප වෙන නිලි විනූ සිරිවර්ධන කියන්නෙ අමුතුවෙන් හඳුන්වා...
Hiru Tv Blog
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී රියැලිටි නර්තන තරඟාවලියක සුපිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය පුත් සජිත ඇන්තනී ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට...
Hiru Tv Blog
පීසා කියන්නෙ කවුරුත් කන්න ආසකරන රසවත් කෑමක්.කොහොමද කවදාවත් කාලා ඉවර කරන්න බැරි...
Hiru Tv Blog
"ලෝකයේ දුලබම චිම්පන්සියා" ලෙස සංරක්ෂණවාදීන් විසින් හැඳින්වෙන, දැඩි සේ වඳවීයෑමේ...
Hiru Tv Blog
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්‍රිය‍, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top