ප්‍රීටි සින්ටා සිය නිවුන් දරුවන් ගැන පළමුවරට කතා කරයි (Photos)
Sunday, 20 November 2022 - 17:02 | Views - 640
නොවැම්බර් පළමුවැනිදාට යෙදී තිබෙන ඉන්දියාවේ ළමා දිනයදා. සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්‍රීටි සින්ටා සිය නිවුන් දරුවන් සමඟ පැමිණ සිටින පළමු ඡායාරූපය සමාජ මාධ්‍යට නිකුත් කරනු ලැබුවා.ප්‍රීටි සින්ටා 2016 පෙබරවාරි මාසයේදී, ලොස් ඇන්ජලීස්හි පැවති පෞද්ගලික උත්සවයකදී ජේන් ගූඩ්ඉනෝග් (Gene Goodenough) සමඟ විවාහ වී තිබෙනවා.එසේම, 2021 නොවැම්බර් මාසයේදී ආදේශක ගැබක් හරහා නිවුන් දරුවන් වන Jai සහ Gia ට උපත ලබා දුන් අතර ඔවුන්ට මේ වන විට වසරක් සපිරි තිබෙනවා. කෙසේ වෙතත්, ප්‍රීටි සින්ටා පවසන්නේ ජායි සහ ජියා තමන්ට දෙවියන් විසින් දුන් ඉතා වටිනා අපූර්වතම තෑග්ගක් බවයි.

Share This Article