ඝට්ටනය වූ ග්‍රාහකයන් සොයා බලන - DART Mission
Monday, 31 October 2022 - 14:57 | Views - 504

විශාල අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් හා ගැටීම පිළිබඳ පසුගියදා අසන්නට ලැබිණි. මෙය අභ්‍යවකාශයේදී ග්‍රාහකයක් සහ මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ යානාවක් ඝට්ටනය වීමට සැලැස්වීමක් සහ එම සිදුවීම සජීවීව මිනිසුන්ට දැක බලාගැනීමටත් ලැබුණු ප්‍රථම අවස්ථාවයි. එය නාසා ආයතනයේ DART පරීක්ෂණය වන අතර ග්‍රාහකයක් හා සාර්ථකව යානාවක් ඝට්ටනය වීමට සැලැසූ ප්‍රථම අවස්ථාවද විය.නාසා ආයතනයේ DART මෙහෙයුම සඳහා විශාල අභ්‍යවකාශ යානාවක් 2021 නොවැම්බර් 21 වැනිදා අභ්‍යවකාශගත කෙරිණි. මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ පෘථිවියේ ඝට්ටනය විය හැකි යැයි හදුනාගත් ග්‍රාහකයකට විශාල අභ්‍යවකාශ යානයක් ගැටීමට සලස්වා එහි බලපෑමෙන් ග්‍රාහකයේ ගමන්මඟ නැතහොත් කක්ෂයේ යම් වෙනසක් සිදුවේදැයි නිරීක්ෂණය කිරීමයි. ඝට්ටනයේ බලපෑමෙන් ග්‍රාහකයේ සිය ගමන්මඟ වෙනසක් වුවහොත් පෘථිවියේ ගැටීම නවතිනු ඇත.DART වැනි පර්යේෂණයක අවශ්‍යතාව කුමක්ද?පෘථිවියේ ගැටී විශාල පිපිරීම් ඇති කරමින් සිදු වූ විනාශයන් පිළිබඳ පර්යේෂණ වාර්තාවන් අපි කොතෙකුත් අසා තිබේ. ඊට කදිම නිදසුනක් ලෙස මීට වසර මිලියන 65කට පෙර සිදු වූ ඩයිනෝසරයන් වඳවූ ග්‍රාහක ඝට්ටනය පෙන්වා දිය හැකිය. චික්සුලබ් ක්‍රියේටර් (Chicxulub Creator) ලෙස හදුන්වන මේ ඝට්ටනයේදී කිලෝමීටර 10ක් තරම් විශාල ග්‍රාහකයක් මෙක්සිකෝවේ යුකටාන් ප්‍රදේශයට කඩා වැටී විශාල පිපුරුමක් ඇති කර තිබේ.පිපුරුම නිසා ඩයිනෝසරයන් විශාල ප්‍රමාණයක් එම මොහොතේම මියගොස් ඇත. පිපිරුමත් සමඟ ඇති වූ සුනාමි තත්ත්වය නිසා තවත් සතුන් මියගොස් ඇත. පසුව ඇති වූ දුවිලි වලාවන් පෘථිවි වායුගෝලය වසාගැනීම හේතුවෙන් සූර්යාලෝකය පොළොවට පතිත නොවීම සහ ශාක ප්‍රභාසංශ්ලේෂණය නොවීමෙන් ශාක මියගොස් ආහාර නොමැතිව ඉතිරි වූ ඩයිනෝසරයන් ද මියගොස් ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ දක්නට ලැබෙන බැරින්ජර් ආවාටය සෑදී තිබෙන්නේ ද විශාල ග්‍රාහකයක් පොළොවේ ඝට්ටනය වීමෙන් බව සොයාගෙන තිබේ. වසර පනස්දහසකට පෙර ඇති වූ මේ ඝට්ටනය හේතුවෙන් කිලෝමීටර 1,186ක් විෂ්කම්භයෙන් සහ මීටර 170ක ගැඹුරක් සහිත විශාල ආවාටයක් සෑදී තිබේ.තත්පරයට කිලෝමීටර 12.8ක (12.8 Km/s) වේගයකින් පැමිණි මීටර 50ක ප්‍රමාණයේ යකඩ සහ නිකල් සහිත ග්‍රාහකයක් පොළොවේ ඝට්ටනය වීමෙන් මේ ආවාටය නිර්මාණය වී ඇතැයි සොයාගෙන තිබේ. මේ පිපිරීම නිසා වර්ග කිලෝමීටර 800 සිට 1,500 දක්වා ප්‍රමාණයක සතුන් සහ ශාක සම්පූර්ණයෙන්ම විනාශ වූ බව පර්යේෂණයන්ගේ අදහසයි.මෑතකදී ඇති වූ භයානක ඝට්ටනයක් ලෙස 1908දී රුසියාවේ තුන්ගුස්කා ප්‍රදේශයට ඉහළ අහසේදී පුපුරා ගිය ග්‍රාහකය (Tunguska) තවත් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. මේ පිපිරුම නිසා වර්ග කිලෝමීටර 2,150ක භූමි ප්‍රමාණයක් බලපෑමට ලක් වූ අතර සතුන් සහ ශාක විනාශ වූ බව වාර්තා වේ. මිලියන 80ක් තරම් ගස්වැල් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වූ බවත්, තිදෙනකු මියගොස් ඇති බවත් වාර්තාවල සඳහන්ය.මේ ආකාරයේ විශාල පිපිරීම් නොවූව ද නිතිපතා පෘථිවිය කරා ග්‍රාහක ඝට්ටනය වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. එම ග්‍රාහක කුඩා නිසා වායුගෝලයේ වැදී විනාශ වන බව ඔවුන් පවසයි.1994-2013 අතර වසර 20ක කාලය තුළදී පෘථිවියේ ඝට්ටනය වූ ග්‍රාහක පිළිබඳ සිතියමක් නාසා ආයතනයෙන් ඉදිරිපත් කර තිබේ. එම සිතියමට අනුව දහවල් කාලයේදී ග්‍රාහක 255ක් සහ රාත්‍රි කාලයේදී ග්‍රාහක 301ක් පෘථිවි වායුගෝලයේ ගැටී විනාශ වී තිබේ.එසේ විනාශ වූ ග්‍රාහකවල ශක්තියද සිතියමේ දැක්වේ. ග්‍රාහක ශක්තිය මැන බලන්නේ ගිගා ජූල්වලින් (Giga Joules) වන අතර සිතියමේ දැක්වෙන පරිදි ගිගා ජූල් 01 සිට මිලියනය දක්වා විශාල බලයක් සහිත ග්‍රාහක වස්තූන් සැලකිය යුතු ප්‍රමාණයක් වායුගෝලය හා ඝට්ටනය වී තිබේ. මේ ශක්තියේ ප්‍රමාණය හොඳින් වටහාගත හැකි නිදසුනක් ලෙස දෙවැනි ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමාවට පතිත කරන ලද පරමාණු බෝම්බයේ බලය පෙන්වා දිය හැකිය. එහි ශක්තිය ගිගා ජූල් 63,000ක් ලෙස වාර්තා වේ. සිතියම අධ්‍යයනයේදී පැහැදිලි වන අන්දමට සාමාන්‍යයෙන් මේ ග්‍රාහක මීටර එකක් සහ මීටර 20 දක්වා ප්‍රමාණයෙන් විශාල ඒවා බව විද්‍යාඥයන් පැහැදිලි කරදී තිබේ.ඒ අනුව වායුගෝලයට බිඳ දැමිය නොහැකි ග්‍රාහක ඕනෑ තරම් අභ්‍යවකාශයේ තිබෙන නිසා වායුගෝලය පසුකර පොළොවේ ඝට්ටනය වීමට ඕනෑම අවස්ථාවකදී ඒවාට හැකියාව තිබේ. මේ නිසා නාසා ආයතනය ග්‍රහලෝක ආරක්ෂණ උපාය මාර්ග වැඩසටහන (Planetary Defense) ක්‍රියාත්මක කළේය. වසර ගණනක් පුරා සිදුකළ පර්යේෂණවල ප්‍රථිඵලයක් ලෙස පෘථිවියේ ඝට්ටනය විය හැකි අභ්‍යවකාශයේ ඇති ග්‍රාහකයන් මොනවාද යන්න මේවන විටත් සොයාගෙන ඇති බව නාසා ආයතනය පවසයි.Near Earth Object (NEO) මෙහෙයුම්මිනිසාගේ තාක්ෂණික දියුණුවත් සමඟ මේ ආකාරයෙන් පෘථිවියේ ඝට්ටනය විය හැකි ග්‍රාහක සියල්ලක්ම හ¾දුනාගෙන ඇති අතර ඒවා Near Earth Object (NEO) ලෙස හදුන්වනු ලැබේ. මෙවැනි Near Earth Object (NEO) එකක් පෘථිවියේ ඝට්ටනය වීමට පැමිණියහොත් එයින් ආරක්ෂා වීමට කළ හැකි දෑ විද්‍යඥයන් වර්ගීකරණය කර තිබේ. ඒ අනුව ක්‍රම තුනක් විද්‍යාඥයන් පෙන්වාදී තිබේ.එහි පළමු වැන්න “ටයිප් සීරෝ මෙහෙයුම” (Type 0 Mission) ලෙස හදුන්වනු ලැබේ. මෙහිදී විශාල අභ්‍යවකාශ යානාවක් ග්‍රාහකය සමඟ ඝට්ටනය වීමට පෘථිවියේ සිට දියත් කෙරේ. මෙවැනි විශාල යානාවක් Large Impactor ලෙස නම් කර තිබේ. මෙහිදී අභ්‍යවකාශ යානාව ග්‍රාහකයේ ඝට්ටනය වීමෙන් එහි කක්ෂය වෙනස් කරනු ලැබේ. එවිට පෘථිවියේ ගැටීමට ඇති ඉඩකඩ අඩුවී වෙනත් ගමන්මඟක ගමන් කිරීම සිදුවේ. කෙසේ වෙතත් මේ ක්‍රමයේදී ග්‍රාහකයේ නියමිත ප්‍රමාණය නිවැරැදිව කල්තියා දැන ගැනීමට නොහැකිවේ. එසේ නිරවද්‍ය බව අඩුවීමේදී සමහර විට ග්‍රාහකයේ ගමන්මඟ වෙනස් නොවීමට හෝ අභ්‍යවකාශ යානාව ඝට්ටනය නොවීමටද ඉඩ තිබේ. එහෙත් විකල්ප ක්‍රමවල ඇති අඩුපාඩුකම් නිසා මේ ක්‍රමයම භාවිත කිරීමට සිදුව තිබේ.දෙවැනි ක්‍රමය ලෙස ටයිප් වන් මෙහෙයුම (Type 1 Mission) හදුන්වා දී තිබේ. පෘථිවිය හා ඝට්ටනය වීමට සැලකිය යුතු කාලයක් ගතවන ග්‍රාහකයක් සඳහා මේ ක්‍රමය දියත් කළ හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.මුලින්ම ඝට්ටනය වීමට නියමිත ග්‍රාහකය වෙත නිරීක්ෂණ යානාවක් (Scout යානාවක්) යැවීම මෙහිදී සිදුවේ. නිරීක්ෂණ යානාවෙන් ග්‍රාහකය පිළිබඳ සියලු තොරතුරු ඉතා නිරවද්‍යව ලබාගත හැකි නිසා පසුව ඝට්ටනය වීමට යානාවක් සාර්ථකව දියත් කළ හැකිය. එහෙත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය වේ.තුන්වැනි ක්‍රමය ලෙස “ටයිප් ටූ මෙහෙයුම” (Type 2 Mission) විද්‍යාඥයන් හදුන්වාදී තිබේ. මෙහිදී නිරීක්ෂණ යානාවක් සමඟ ඝට්ටනය වීමට තවත් කුඩා යානාවක් (Small Impactor) එක්වර දියත් කරනු ලැබේ. කුඩා යානාවක් ග්‍රාහකය සමඟ ඝට්ටනය වීමට සලස්වා ග්‍රාහකයේ කක්ෂයේ වෙනස්කම් නිරීක්ෂණ යානාවෙන් සොයා බැලීම සිදුකරයි. යම් හෙයකින් ග්‍රාහකයේ කක්ෂයේ වෙනස්වීමක් සිදු නොවේ නම්, ග්‍රාහකයේ තර්ජනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි දෙවැනි ඝට්ටනයක් (second Impactor) යානාවක් පෘථිවියේ සිට දියත් කිරීම සිදුවේ. ඒත් මේ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍යවේ.මේ ආකාරයේ ඝට්ටනයන් සිදු නොකර, චිත්‍රපටවල ඔබ දකින්නාසේ න්‍යෂ්ටික ප්‍රහාරයක් ග්‍රාහකයක් වෙත කිරීමට නොහැකි දැයි සිතෙනු ඇත. එම ක්‍රමය විද්‍යාඥයන් කිසිසේත් අනුමත නොකරයි. ඊට ප්‍රධානම හේතුව අභ්‍යවකාශයේදී එවැනි න්‍යෂ්ටික ප්‍රහාරයක් කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිඵල මොනවා දැයි කිසිවකුට නිශ්චිතව දැනගැනීමට නොහැකිය.එසේම න්‍යෂ්ටික ප්‍රහාරය හේතුවෙන් යම් විකිරණ බලපෑමක් ග්‍රාහකය අවට පරිසරයේ ඇති වීමට පුළුවන. එය පෘථිවියට මෙන්ම වෙනත් ග්‍රාහක වස්තූන්ටද බලපෑ හැකිය. ඊට අමතරව, න්‍යෂ්ටික පිපිරීම නිසා ග්‍රාහකයක් කුඩා කොටස්වලට වෙන්වීම සිදුවේ. එවිට ඒ සියල්ලම පෘථිවියට ඝට්ටනය වීමේ හැකියාව තිබේ.මේ සියල්ලටම වඩා විද්‍යාඥයන් තර්ජනයක් ඇති ග්‍රාහකයක් පිළිබඳ දරන අදහස වනුයේ එහි කක්ෂයේ කුඩා වෙනසක් සිදුකිරීමට උත්සාහ ගැනීම හැර එය විනාශ කිරීමක් නොකිරීමයි.මේ සියල්ලම සලකා බැලීමේදී දැනට තිබෙන හොඳම ක්‍රමය ලෙස විද්‍යාඥයන් යෝජනා කරන්නේ “ටයිප් සීරෝ මෙහෙයුම” (Type 0 Mission) ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා පර්යේෂණ සිදුකිරීම නාසා ආයතනයේ මෙම ග්‍රහලෝක ආරක්ෂණ උපාය මාර්ග වැඩසටහන යටතේ DART පරීක්ෂණය ක්‍රියාවට නැංවුණි. DART යන්නෙහි තේරුම Double Asteroid Redirection Test ලෙස නාසා ආයතනය අර්ථකථනය කර තිබේ.DART සාර්ථක ඝට්ටනය සිදුවූ අයුරුනාසා ආයතනය බලාපොරොත්තු වූ ආකාරයට 2022 සැප්තැම්බර් 26 වැනිදා ඇමරිකාවේ වේලාවෙන් රාත්‍රි 7.14ට පමණ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 11ක් දුරින් පිහිටි ඩිඩිමෝස් ග්‍රාහකය වටා කක්ෂගතව සිටින ඩිමෝර්ෆෝස් නමැති කුඩා ග්‍රාහකයෙහි අභ්‍යවකාශ යානය ඝට්ටනය වීම සිදුවිය. මෙය ලොවපුරා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සජීවීව නැරැඹීම, තවත් සුවිශේෂී කාරණයකි.පෘථිවියට කිසිදු බලපෑමක් නොමැති ඩිඩිමෝස් (Didymos) ග්‍රාහකය මීටර 780ක් තරම් විශාල වන අතර එය දළ වශයෙන් ඩුබායිහි පිහිටා ඇති බර්ජ් කලීෆා (Burj Khalifa) ගොඩනැඟිල්ලට වඩා විශාල වේ. ඩිඩිමෝස් වටා කක්ෂගත වන කුඩා ඩිමෝර්ෆෝස් (Dimorphos) ග්‍රාහකය මීටර 160ක් වන අතර එය ආසන්න වශයෙන් ඊජිප්තු ගීසා පිරමීඩ අතර විශාලම පිරමීඩයට සමාන වේ.නාසා ආයතනය මේ කුඩා ඩිමෝර්ෆෝස් ග්‍රාහකය සිය පර්යේෂණය සඳහා තෝරාගත් අතර, එහි ඝට්ටනය වීමට සැලැසූ DART අභ්‍යවකාශ යානය කිලෝග්‍රෑම් 570ක් බරැති පෙට්ටි හැඩයකින් නිමවා තිබේ. මෙය පාලනය කෙරුණේ පොළොවේ සිටයි. ඒ සඳහා ඩ්‍රාකෝ (DRACO) නමැති කැමරාවක් යානාවේ සවිකර තිබිණි. මේ කැමරාව මඟින් යානාවේ ගමන්මඟ, ඩිඩිමෝස් සහ ඩිමෝර්ෆෝස් ග්‍රාහක යුගලයෙන් නිවැරැදිව ඩිමෝර්ෆෝස් හදුනා ගැනීම සහ ගැටීමට සැලැස්වීම දක්වා අවශ්‍ය දර්ශන ලබාදුනි. ඝට්ටනය සමඟ DART සම්පූර්ණයෙන්ම විනාශ වන අතර, ඉන්පසුව සිදුවීම් නිරීක්ෂණය සහ ඝට්ටනය වන අවස්ථාව රූපගත කිරීම සඳහා ලිසියා කියුබ් (LICIA Cube) නමැති කුඩා අභ්‍යවකාශ යානයක්ද DART සමඟ අභ්‍යවකාශ ගතකර තිබේ. මෙය ඝට්ටනයට දින කිහිපයකට පෙර DART යානාවෙන් වෙන්කර තනිව කක්ෂගත කර තිබේ. ඝට්ටනයට පැය එකහමාරකට පෙර ග්‍රාහක යුගලයෙන් ඩිමෝර්ෆෝස් හදුනා ගැනීම සිදුවූ අතර, ඝට්ටනයට විනාඩි 50කට පෙර නිවැරැදි ඉලක්කය තෝරාගෙන තිබිණි. මෙය මිනිසාගේ තාක්ෂණික හැකියාවේ විශිෂ්ට අවස්ථාවක් ලෙස දැක්වීමට පුළුවන.ඝට්ටනයට විනාඩි 20කට පෙර ඉලක්කය සනාථ කර ඇති අතර, අවසන් විනාඩි 03ට පෙර DART යානාවේ එන්ජිම සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කර තිබිණි. මේ ඝට්ටනය සඳහා DART යානාව පැයට කිලෝමීටර 22,530ක නැතහොත් තත්පරයට කිලෝමීටර 6.2ක වේගයෙන් (6.2 km/s) ඩිමෝර්ෆෝස් ග්‍රාහකය වෙත ගමන් කර තිබිණි.එතරම් වේගයකින් ගමන් කර අවසානයේ ඇති වූ ඝට්ටනය නිසා ග්‍රාහකයේ මීටර 16ක් දිගැති විශාල පැල්ලමක් ඇති කිරීමට සමත්ව තිබේ. මේ ඝට්ටන බලපෑම නිසා අවම වශයෙන් ඩිමෝර්ෆෝස් ග්‍රාහකය සිය කක්ෂය 1%කින් හෝ දළ වශයෙන් විනාඩි 10කින් කෙටි කිරීමට හැකිවේ යැයි නාසා ආයතනයේ බලාපොරොත්තුවයි. ලිසියා කියුබ් අභ්‍යවකාශ යානාවෙන් ඒවා නිරීක්ෂණය දිගටම සිදු කෙරෙන අතර, එහි විශාල ඇන්ටනාවක් නොමැති වීම හේතුවෙන් එම තොරතුරු ලබා ගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව නාසා ආයතනය පවසයි.මේ අපූරු ඝට්ටනය නිසා ග්‍රාහක යුගල අසල විශාල දුවිලි වලාවක් නිර්මාණය වී තිබෙනු දක්නට ලැබේ. එම දර්ශන ලොවපුරා අටවා ඇති දහස් ගණනක් වූ අභ්‍යාවකාශ නිරීක්ෂණ ටෙලෙස්කෝප් සහ අභ්‍යවකාශයේ රඳවා ඇති හබල්, ජේම්ස් වෙබ් සහ ලුසී චන්ද්‍රිකා දුරේක්ෂවලද සටහන් වී තිබේ. එම සෑම දුරේක්ෂයකින්ම තවදුරටත් එම පර්යේෂණයේ ප්‍රතිඵල ලබාගනිමින් තිබේ.ඉරෝෂා දීපානි
Share This Article