සෝනම් කපූර්ගේ පුතුට නමක්
Friday, 30 September 2022 - 14:40 | Views - 963
මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ මුම්බායි නගරයේ පෞද්ගලික රෝහලක බිහි කළ සෝනම් කපූර්ගේ අලුත උපන් පුතුට මේ වනවිට නමක් තබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දින 21ක් වයසැති මෙම දරුවාට තබා ඇති නම වන්නේ වායු කපුර් බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. වායු සිය මාපියන් සමග සති අන්තයේදී ගත් ඡායරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා.කෙසේ වෙතත්, සෝනම් හා ඇගේ සැමියා වූ ආනන්ද් අහුජා මේ වනවිට මුම්බායි හි අනිල් කපූර්ට අයිති නිවසේ රැඳි සිටින අතර, තවත් මාස කිහිපයකින් පසුව ඔවුන් යළිත් ලන්ඩන් නගරයට යාමට සූදානමින් සිටින බවටයි වාර්තා වන්නේ. පහතින් දැක්වෙන්නේ වායු කපුර් ගේ අන්තර්ජාලය පුරා සැරිසැරූ නවතම ඡායාරූප කිහිපයක්,
Share This Article