සෝනම් , බබාට තෝරන නම (Photos)
Monday, 19 September 2022 - 13:42 | Views - 552
සෝනම් කපූර් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම තමයි ආනනද් අහුජා. ඔහු සිනමා නළුවෙක් නොවුණත්, ඒ තරමටම ජනප්‍රිය කෙනෙක්. දක්ෂ නිළියක් වන සෝනම් කපූර් , ආනනද් අහුජා එක්ක විවාහ වෙන්නේ 2018 වර්ෂයේදී.ඉතින් , පසුගිය අගෝස්තු 20වෙනිදා ඔවුන් දෙදෙනා මවුපියන් බවට පත්වූයේත්, විවාහයට තවත් ආදරයක් එකතු කරමින්.කෙසේ වෙතත්, ඔවුන් තාම කුළුදුලේ ලැබුණු මේ දරුවාට නමක් තියලා නම් නෑ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ පවුලේ උදවියට තම කුඩා දරුවාට නමක් තබන ලෙස දැනුම් දීලා තියෙනවා කියලයි ආරංචිය. කොහොම වුණත් , ඔවුන් දරුවට හොයන්නේ යහපත් අර්ථයක් තියෙන නමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.




Share This Article