Artemis 1 සඳ මෙහෙයුම දෙවන වරටත් නැවතුණු හැටි ?
Tuesday, 06 September 2022 - 12:18 | Views - 948

මිනිසුන් රහිත ඔරියන් අභ්‍යවකාශ යානය (Orion spacecraft) රැගත් සඳ වෙත යැවීමට සූදානම් කර ඇති නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම දෙවන වරටත් ව්‍යර්ථ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්ධන කාන්දුවක් හේතුවෙන් රොකට්ටුව අභ්‍යවකාශගත කිරීම නාසා ආයතනයට නතර කිරීමට සිදු වී ඇති බව ය.

ආටෙමිස් 1 සඳ මෙහෙයුම සෙනසුරාදා (සැප්. 3) අලුයම 2:17ට EDT (1817 GMT) දියත් කිරීමට සූදානම් කර තිබුණ ද රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමට පැය හතකට පමණ පෙර එහි හයිඩ්‍රජන් ඉන්ධන කාන්දුවක් ඇතැයි අනාවරණය වී ඇත.

ඉන්ධන කාන්දුව නතර කිරීමට නාසා ඉන්ජිනේරුවන් දැඩි උත්සහයක් ගත්ත ද එය ව්‍යර්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දුන්නේ, මෙහෙයුම දියත් කිරීමේ මීළඟ උත්සහය ගැන තීරණය කිරීම සඳහා නාසා ආයතනයට ලබන සතිය වන තුරු රැඳී සිටීමට වනු ඇති බව ය.

නාසා ආයතනයට අලුත්වැඩියාව සඳහා ආටෙමිස් 1හි SLS රොකට්ටුව එහි රොකට් අලුත්වැඩියා කරන ස්ථානය වෙත ගෙන යාමට සිදු වුවහොත් ආටෙමිස් 1 සඳ මෙහෙයුම දියත් කිරීම ඔකොතොබර් දක්වා කල් යනු ඇතැයි නාසා පරිපාලක බිල් නෙල්සන් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔක්තෝබර් මස මුලදී SpaceX’s Crew-5 Dragon මෙහෙයුම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් හතර දෙනෙකු යැවීමට නාසා ආයතනය දැනටමත් සැලසුම් කර ඇති බැවින් Artemis 1 දියත් කිරීම එම මාසයේ අග සිදුවනු ඇති බව ය.

නාසා ආයතනයට දැනට සඳුදා (සැප්. 5) ආටෙමිස් 1 දියත් කිරීමට මිනිත්තු 90ක ඉඩකඩක් ඇති අතර, එය සිදු වුවහොත් දියත් කිරීම සවස 5:12ට EDT (2212 GMT) සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සඳුදා දිනයේ දියත් කිරීමට උත්සාහ නොකරන්නේ නම්, ඒ සඳහා අඟහරුවාදා (සැප්. 6) උත්සාහ කළ හැකි වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ඇත්තේ මිනිත්තු 24ක ඉතා අඩු ඉඩ කඩක් බව ය. අඟහරුවාදා දියත් කිරීමක්, උත්සහ කළහොත්, සවස 6:57ට EDT (GMT 2257) සිදුවනු ඇතැයි නාසා ආයතනය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, මෙම මාසයේදී ම එම මෙහෙයුම දියත් කිරීමට ඉඩක් තිබුණ ද මෙහෙයුම් කළමනාකරුවන් සඳහන් කර ඇත්තේ, රොකට්ටුවේ අලුත්වැඩියා කටයුතු සඳහා ගත වන කාලය අනුව එය ඔකොතොබර් මැද දක්වා කල් යනු ඇති බව ය.

Artemis 1 යනු, 2025 වසර වන විට අභ්‍යවකාශගාමීන් සඳ වෙත ආපසු යැවීමේ Artemis වැඩසටහනේ නාසා ආයතනයේ පළමු පරීක්ෂණ පියාසැරියයි.

එය නාසා ආයතනය මෙතෙක් නිර්මාණය කළ බලවත් ම රොකට්ටුව ලෙස සැලකෙන අතර එහි ඔරියන් අභ්‍යවකාශ යානය ගගනගාමීන් සඳ වෙත ගෙන යාම සඳහා එය ආරක්ෂිත බව සහතික කිරීමට නියමිත ය.

මෙම මෙහෙයුම ගවේෂණාත්මක මෙහෙයුමක් වන අතර, ඉන් අනාගතයේදී සඳ මත ස්ථීර මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන වඩා ත් අභිලාෂකාමී මෙහෙයුම් සඳහා පදනම සැකසීමට අදහස් කෙරේ.

දියත් කළ පසු, Artemis 1 සඳ වෙත පියාසර කිරීමට මාසයකට වැඩි කාලයක් ගත කරනු ඇත.

1969 වසරේ ඇපලෝ 11 මෙහෙයුම මගින් ප්‍රථම වරට සඳ මතුපිටට මිනිසුන් රැගෙන ගොස් වසර 50කට පසු ආටෙමිස් 1 සඳ මෙහෙයුම ක්‍රියාත්මක වේ.

මෙහි පළමු මෙහෙයුම අගෝ. 29 වන දා අසාර්ථක වූයේ, රොකට්ටුවේ එන්ජින් හතරෙන් එකක් නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල් නොවීම හේතුවෙනි. 


Share This Article
Hiru Tv Blog
නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන...
Hiru Tv Blog
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක...
Hiru Tv Blog
මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ...
Hiru Tv Blog
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර...
Hiru Tv Blog
සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ.. තවමත්පෙ...
Hiru Tv Blog
මෙරට රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉතා දැවැන්ත චරිතයක් තමයි චන්දිමාල් කියන්නේ..ඊටත්...
Hiru Tv Blog
දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන අක්කලා නංගිලා නේ..එයාලා...
Hiru Tv Blog
Artificial IntelligenceAI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය...
Hiru Tv Blog
ආයේ ලොකු සින් බලන්නේ නෑ.. එකක් ගේනවා..Elon Musk සහ ඔහුගේ සමාගම Robot Wife කෙනෙක් සෑදීමේ අවසන්...
Hiru Tv Blog
පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩුම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර බව නාසා ආයතනය...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top