කාවින්ද්‍යා කැමතිම ටැටූවලට ද?
Saturday, 20 November 2021 - 10:25 | Views - 1,115
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක් ගොඩ නගා ගන්නට උත්සාහ කරන කෙනෙක්. 
 
ඒ උත්සාහයට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් ඇයට හැකියාව ලැබුණා. 
 
ජීවිතයේ ලැබීම් නොලැබීම් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන ඇය සුන්දර කලා ශිල්පිනියක්.

මේ දවස්වල වගකීම් වැඩි වෙලා ඇති නේද?
කරගෙන ආපු සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා. නිවේදන කටයුතු සහ අම්මගේ කලායතනයේ වැඩවලට තමයි වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ. 
 
කවී ඇයි ටැටූවලට මේ තරම් ප්‍රිය?
 
මගේ ඇඟේ මේ වෙනකොට ටැටූ 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුවේ 2013දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටූ ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටූ එකකටම තේරුමක් තියෙනවා. ඒක කලාවක්. මම හරි ආසයි ටැටූවලට. සමහරු කියනවා දැන් මගේ ඇඟේ ටැටූ ගහන්න තැනක් නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් තව කෙනෙක්ට හානියක් නැත්නම් මම ආස දේ කරන කෙනෙක්. මගේ කොණ්ඩේ වුණත් දිගට තිබ්බා. මට හිතුණා කොණ්ඩේ කපලා බලන්න ඕනේ කියලා. ඒකත් කරලා බැලුවා. මම හැම වෙලාවෙම අද දවසේ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. අද දවස පුළුවන් උපරිම වින්ඳම දුක් වෙන්න දෙයක් නෑ.
 
කවීගේ ජීවිතේ වැඩි ඉඩක් තාත්තා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවද?

අපේ ජීවිතේ හැම දෙයකදිම ළඟින් ඉන්න කෙනා තමයි අපිට වැඩිපුර දැනෙන්නේ. තාත්තා අපි එක්ක ඉන්න කාලේ වුණත් සංගීතය එක්ක කාර්යබහුල වෙලා හිටියත් මාව ඉස්කෝලේ ගෙනියන වැඩ ක්ලාස් එක්ක යන දේවල්වලට කාලය වෙන් කළා. හැබැයි මගේ ජීවිතේ විශේෂ දේවල්වලදි මාත් එක්ක වැඩිපුර හිටියේ අම්මා. ඒ නිසා අම්මව මට දැනුණා වැඩියි. අම්මටත් වඩා මගේ ජීවිතේ උඩින්ම හිටියේ මම්මා (ආච්චි). අම්මයි තාත්තයි දෙන්නම කාර්යබහුල වෙලා ඉද්දි මාව බලාගත්තේ මම්මා. ඒ නිසා මගේ ජීවිතේ අංක එක මම්මා. දෙක අම්මා. තුන තමයි තාත්තා.

වෙන කෙනෙක්ට විශේෂ ඉඩක් වෙන් කරලා නැද්ද තවම?

තවම නැහැ.

අම්මවත් බලාගෙන වගකීම් සහගතව වැඩ කරපු කවීට දැන් චිරන්ත නිසා නිදහසක් ලැබිලා ඇති නේද?

චිරන්ත එන්න කලින් ගෙදර තාත්තා වුණේ මම. චූටි කාලේ ඉඳන් වගකීම් දරන්න මම පුරුදු වුණා. මල්ලිව බලාගන්න තැන ඉඳන් ඒ වගකීම් මට තිබ්බා. චිරන්ත අපේ පවුලට එකතු වුණාට පස්සේ මට තිබ්බ බර අඩු වුණා වගේ දැනෙනවා. මම සාමාන්‍යයෙන් මිනිසුන්ව පිටතින් මනිනවා හරියට. හැබැයි අපිට මිනිස්සු ගැන දැනගන්න ලැබෙන්නේ ආශ්‍රය කළාට පස්සේ. චිරන්ත පවුලට එකතු වුණාට පස්සේ එයා අපේ මම්මව බැලුවා. අපේ අම්මට පුදුම සහයෝගයක් දෙනවා. මගේ මල්ලි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න නිසා එයාට උදව් කරනවා. දැන් චිරන්තත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නේ. මට වුණත් ලොකු රැකවරණයක් ලැබෙනවා ඔහුගෙන්. අපේ තාත්තා ගෙදරින් ගියාට පස්සේ ගෙදර හිටියේ මමයි, අම්මයි, මම්මයි, මල්ලියි. චිරන්ත අපේ පවුල ඇතුළේ ඉන්න එක හිතට ලොකු නිදහසක්. එයාගේ වයසත් එක්ක බලද්දි ඒ වගේ වගකීමෙන් වැඩ කරන කොල්ලෙක් මම වෙන දැකලා නෑ. එයා අපි හැමෝටම ලොකු ශක්තියක්. 

May be an image of one or more people, tattoo, hair and people standing

 May be an image of one or more people

 

 

 

 

 

Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,914 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,593 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,331 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,184 Views
Top