වර්තමාන සමාජයේ කා අතරත් පැතිර යන සමාජ ජාල භාවිතයෙන් පුද්ගලයන්ගේ ජීවිතයේ සිදුවන විපර්යාසයන් හා සමාජයීය ගැටළු, ගෘහස්ථ පවුල් ජීවිතවල සිදුකරනු ලබන අසිමීත බලපෑම් මැනවින් විදහා දැක්වීමට සමත්වන සිංහල සිනමාවේ නවතම චිත්‍රපටයක් වන පැණි මකුළුවෝ අපගේ දේශීය සිනමාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කරන බවට විශ්වාසයි.
චිත්‍රපට අධ්‍යක්ෂක හා වෙළඳ ප්‍රචාරන නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන යු.ඒ.පල්ලියගුරු විසින් ගොඩනැගු ප්‍රබල කථා වස්තුව අධ්‍යක්ෂණයෙන් සිනමාවට රැගෙන එන්නේ ඉසුරු වීරසිංහමුදලිය.
යු.ඒ. පල්ලියගුරුට අයත් ක්ලවුඩ් ෆිල්ම්ස් සමාගම යටතේ නිෂ්පාදනය කොට ඇති පැණි මකුළුවෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා අති දක්ෂ රංගධර සනත් ගුණතිලක පනපොවණ අතර යු.ඒ. පල්ලියගුරු විසින් සිනමාවට හඳුවන්වාදෙන අයිෂ් අතුකෝරල මෙහි ප්‍රධාන කාන්තා චරිතයට පනපොවයි.
මෙම චිත්‍රපටයේ ප්‍රබල අභියෝගාත්මක චරිතයකට පනපොවමින් නැගීඑන පෞර්ෂවත් නළුවෙකුවන දිනෙත් දි සිල්වා රංගනයට එක්වන අතර විශේෂත්වයක් ලෙසින් බංගලිදේශයේ නිලි ප්රියෝතා ෆර්ලින් ද ප්‍රබල භූමිකාවකට පනපොවයි.
මෙරට කෘතහස්තම ප්‍රවීණ හඬ පෞර්ශයක්වන අමරසිරි පීරිස් මහතාගේ සොඳුරු හඬින් ගීත රසවත් වී ඇත.
පැණි මකුළුවෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙසින් රංගනයෙන් දායකවන්නේ,
- සනත් ගුණතිලක
- අයිෂ් අතුකෝරල
- දිනෙත් ද සිල්වා
- ප්රියෝතා ෆර්ලින්
- චලිත් මනුරංග
- රසේලි චන්ද්‍රජිත්ය
- දුමින්ද හර්ෂණ
- තිලිණි ජයමාලි
- වී.එම්. අබේරත්න
- පූර්ණිමා විදේශිකා
- රවීන්ද්‍ර ප්‍රේමනාත්
පැණි මකුළුවෝ චිත්‍රපටියේ පූර්ව ප්රචාරක පටය පහතින්