පශ්චාත් කොවිඩ් සමයේ කුමක් හෝ රෝග ලක්ෂණයක් වේනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්න
Saturday, 16 October 2021 - 8:59 | Views - 741
කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

එසේම ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 666 දෙනෙකු හඳුනා ගැණුනු අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 530,421ක්.

ඊයේ තවත් කොරෝනා මරණ 20ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 13,449 දක්වා ඉහළ ගියා.

මේ අතර 2001 වසරේ ඔක්තෝම්බර් 16 සිට 2003 වසරේ ඔක්තෝම්බර් 15 දක්වා උපත ලද බස්නාහිර පළාතේ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ පාසල් 28ක සිසුන් එන්නත්කරණයට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ කළේ.

ඒ අනුව රජයේ පාසල් 14ක් සහ ජාත්‍යන්තර පාසල් 14ක සිසුන්ට මෙලෙස එන්නත් ලබා දීමට කටයුතු කර ඇති අතර, එන්නත් ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 4,000ක් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර, ශ්‍රී ලාංකිකයින් කෝටියකට ඊයේ පස්වරුව වනවිට සයිනොෆාම් කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා

Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,915 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,331 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top