දීර්ඝ සති අන්තය ගැන පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්
Saturday, 16 October 2021 - 7:34 | Views - 880
ඉදිරි සති අන්තය සමග එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණ සීමා උල්ලංඝණය කර ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති අවස්ථා පිළිබඳ පොලිසියේ විශේෂ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු පළාත් මායිම් ආවරණය වන පරිදි සහ අධිවේගී මාර්ගයේ ද පළාත් සීමා මායිම් ඇතුලු සියලු පිටවීම් සහ ඇතුලුවීම් ස්ථාන ද කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

පළාත් මායිම් පසුකොට ගමන් කරන සියලුම වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කරන ලෙසටයි සියලුම මාර්ග බාධක රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිසිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ ඉදිරි දීර්ඝ සති අන්තයේ පළෘත් සංචරණ සීමා උල්ලංඝනය වන ආකාරයෙන් වන්දනා චාරිකා සහ විනෝද චාරිකාවල යෙදීමට කටයුතු නොකරන ලෙසටයි.

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ.

ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධ ස්ථාන විනෝද වන වෙරළ කලාප වැනි ස්ථානවල ගාල් කර ඇති රථ වාහන අංක තහඩු පරීක්ෂා කරන අතර නියමිත පළාතෙන් පැහැරව පැමිණ තිබෙන වාහන මෙමගින් හඳුනාගැනීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

එබැවින් ඉදිරි සති අන්තයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් නිවෙස්වල රැඳී සිට දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පමණක් කටයුතු කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකීමෙන් පත්වන අපහසුතාවන් මගහරවා ගැනීමට හැකියාව ලැබෙන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,916 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,332 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top