රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ දේහය අද ගොඩගනී
Tuesday, 27 July 2021 - 14:03 | Views - 58
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යේදී සිටියදී මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අද (27) ගොඩගැනීමට නියමිතව තිබෙනවා.
 
ඒ කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ (26) නිකුත් කළ නියෝගයකට අනුවයි.
 
දේහය මිහිදන් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පත් කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම, එම දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්රදේශයට ගොස් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
 
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නැමැති බාල වයස්කාර දැරිය පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් මන්ත්රීවරයාගේ බිරිඳ ඇතුලු සිව්දෙනෙක් ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය ඊයේ නියෝග කළා.
 
ඒ අනුව, සැකකරුවන් නිරෝධායනය සඳහා යොමුකෙරුණේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙතයි.
 
දැරියගේ දේහය යළි ගොඩගැනීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළේ ජ්යෙෂ්ඨ අධිකරණ වෛද්ය නිලධාරින්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
 
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නමැති මෙම බාලවයස්කාර දැරිය මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා දිඹුලවත්තේ වතුකම්කරුවන් මෙන්ම, මඩොල්කැලේ - මාවුස්සායායේ වතුකම්කරුවන් ද අද (27) විරෝධතාවයක නිරත වුණා.
 
මේ අතර, බස්නාහිර පළාත තුල වයස අවුරුදු 16ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදවා ඇත්ද යන්න පිළිබඳව විශේෂ බුද්ධි මෙහෙයුමක් අද සිට ක්රියාත්මක කරන අතර, ඒ පිලිබඳව තොරතුරු ඇත්නම් 0112 433 333 අංකයට තොරතුරු දැනුම් දිය හැකියි.



Share This Article
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
ආදරයට වයසක්, රූපයක්, ජාති භේදයක් බලපාන්නේ නැති නම් වෙන මොනවා බලපෑවත් වැඩක් නැහැ....
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 2,914 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,576 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,435 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,235 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,266 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,049 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 941 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 943 Views
Top