''සමාජ සත්කාර ප්‍රසිද්ධියේ කරන්නේ මං පොරක් කියන ලේබල් එක ගහගන්න නෙමෙයි"- විශ්ව කොඩිකාර
Tuesday, 06 July 2021 - 12:29 | Views - 3,589
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ.

මගේ පියා චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්‍ෂවරයෙක්. ඒ නිසාම මට පොඩි කාලේ ඉඳන්ම කලාවට ලොකු ළැදියාවක් තිබුණා. නමුත් කිසිම විටෙක තාත්තා කලාවට පිවිසෙන්න බල කළේ නැහැ. සදාදර ජෝති චිත්‍රපටයෙන් මට රංගනයට පිවිසීමට වරම් ලැබුණා. ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වීමෙන් පසුව පියා මට පවසනවා රංගනයෙන් තවත් ඉදිරියට යන්න

බලාපොරොත්තු වෙනවා නම් රංගනය ගැන හදාරන්න කියලා. ඒ අනුව මං මහෙන්ද්‍ර පෙරේරා රංගන අභ්‍යාස ආයතනයෙන් වසර තුනක් රංගනය හදාරනවා. ඉන්පසුවයි කලා ජීවිතයට අත්පොත් තබන්නේ.

ටෙලි නාට්‍යවල ඔබව සුලබව දකින්න ලැබුණත්, චිත්‍රපටවල ඔබව දකින්නෙ ඉතාමත් අඩුවෙන්. ඇයි පුංචි තිරයට විතරක් කොටු වුණේ?
මං චිත්‍රපට හයක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම චිත්‍රපට තුනකට පමණ රංගන ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදුවුණේ ඒ වෙනකොට භාරගෙන තිබුණු නිර්මාණවල කාර්යබහුලත්වය නිසයි. මම යම් නිර්මාණයකට දින දුන්නට පසුව තවත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණත් ඒක ප්‍රතික්ෂේප කරනවා. එවැනි අවස්ථාවලදී මට හොඳ නිර්මාණ කිහිපයක්ම මඟහැරුණා.

කලාව තුළ ස්ථාවරත්වය ගොඩනඟාගන්න රංගන ශිල්පීන් වගේම රංගන ශිල්පිනියන් තමන්ගේ මාර්ගය සකසා ගත යුත්තේ කෙසේද?
සෑම ක්ෂේත්‍රයකම පැවැත්ම තීරණය වන්නේ අධ්‍යාපනය මත. අත්දැකීම් තුළින් ලබන අධ්‍යාපනය වගේම තම කුසලතාව වර්ධනය කර ගැනීමට රංග අභ්‍යාසවල නිරන්තරයෙන් පිහිටිය යුතුයි. කලාව හැමෝටම පිහිටන්නෙ නැහැ. ඒ නිසා එකී ශාස්ත්‍රය තුළට පිවිසෙනවා නම් ඇවිත් යන්න එන්නෙ නැතුව කලාව තුළ ස්ථාවරත්වය ගොඩනඟා ගන්න අවශ්‍යයි. එයට ප්‍රමාණාත්මක රංගන අධ්‍යාපනයක් ලැබිය යුතුමයි.

ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්ද?
ඔව්. මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් හෝ වෙනත් කිසිදු වෘත්තියක මං නියැළෙන්නේ නැහැ.

ඔබ බොහොමයක් සමාජ සත්කාර ප්‍රසිද්ධියේ සිදු කරන කෙනෙක්. ඔබ එයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
සමාජ සත්කාර ප්‍රසිද්ධියේ කරන්නේ මං පොරක් කියන ලේබල් එක ගහගන්න නෙමෙයි. මාව ආදර්ශයට අරන් තවත් කෙනෙක්ට අනුන්ගේ දුකට සංවේදී වෙන හැටි කියා දීමටයි මං එය සිදු කරන්නේ. මං දිහා බලලා එක් අයෙක් හරි තවත් කෙනකු වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙනවා නම් මං එතැනදී ජයග්‍රහණය කරලා.

කලා ක්ෂේත්‍රයේ මිතුරන් ගොඩනඟාගන්න අපහසුයි කියලා කතාවක් තියෙනවා. එය ඇත්තක්ද?
තවත් කෙනෙක්ට ගරු කරන්න, තවත් කෙනෙක්ව තේරුම් ගන්න බැරි නම් ඔහුට හෝ ඇයට කිසිම ක්ෂේත්‍රයක යහළුවන් ඇති කරගන්න බැහැ. බොහෝ දෙනෙක් එවැනි කතා කියන්නේ තමන්ගේ දුර්වලතා වසාගන්න. ආගමට දහමට අනුව ජීවත් වෙමින් මිත්‍රත්වයට හදවතින් අවංක වෙනවා නම් කලා ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක මිතුරන් ඇති කරගන්න පහසුයි.

නිෂ්පාදන, අධ්‍යක්ෂණ කාර්යයන්ට අත ගසන්න බලාපොරොත්තුවක් තියෙනවද?
නිෂ්පාදකවරයෙක් වෙන්න හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඒ හීනේ ඉෂ්ට කර ගන්නයි මං පෙරුම් පුරන්නේ. අධ්‍යක්ෂණ කාර්යයට යොමු වෙන්න මට තවත් අත්දැකීම් එක් විය යුතුයි කියා මං හිතනවා. අනාගතයේදී එයටත් උත්සාහ කරනවා.

පවුලේ විස්තර ගැන කිව්වොත්?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි ඉන්නේ. අක්කා විවාහකයි. මාත් විවාහකයි. අපේ පුංචි කැදැල්ලේ මායි, බිරියයි, දරුවෝ දෙන්නයි ඉන්නවා. මගේ බිරිය ව්‍යාපාරිකාවක්. ඇය එරන්දි හල්කවිතාන ගමගේ. ලොකු දුව කාවින්ද්‍යා කොඩිකාර ගමගේ. පුතා ඕනෙත් කොඩිකාර.

වෘත්තීන් දෙකක විවාහය සිදු වුණාම වෘත්තීමය ජීවිතය තේරුම් ගැනීමට නොහැකිව පවුල් ප්‍රශ්න ඇති වෙනවා කියලා කතාවක් තියෙනවා. කලාකරුවන්ට එහි ගැටලුකාරී තත්ත්වය තදින්ම දැනෙනවද?
මං ඒ කතා විශ්වාස කරන්නේ නැහැ. තේරුම් ගැනීම පුද්ගලානුබද්ධ දෙයක්. කලාකරුවන්ට පමණක් එය විශේෂ දෙයක් නෙමෙයි. විවාහය තුළ එකිනෙකාව තේරුම් ගන්නවා වගේම වෘත්තියේ ස්වභාවයත් තේරුම් ගන්න අවශ්‍යයි. අපේ පවුල ඇතුළෙත් පුංචි පුංචි රණ්ඩු වෙනවා. ආයෙත් යාළු වෙනවා. පවුල් ජීවිතේ හැටි එහෙමයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?
වෘත්තීයමය වශයෙන් නිෂ්පාදන කාර්යයට පිවිසීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා අතරට ඒමටත් කැමැත්තක් තියෙනවා.

දරුවො දෙන්නට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීමත් මගේ එක බලාපොරොත්තුවක්.

විශ්මි ජයනිකා
මව්බිම
Share This Article
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
ආදරයට වයසක්, රූපයක්, ජාති භේදයක් බලපාන්නේ නැති නම් වෙන මොනවා බලපෑවත් වැඩක් නැහැ....
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 2,914 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,576 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,435 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,235 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,266 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,049 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 941 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 943 Views
Top