මුහුණු ආවරණ භාවිතයේ නිවැරදි කරුණු
Tuesday, 22 June 2021 - 10:05 | Views - 173
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමේදී නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම ඉතා වැදගත් වේ. පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම තොරතුරු අනුව අප පැළඳිය යුත්තේ මුහුණු ආවරණ එකක්ද, එකකට වඩා පැළඳිය යුතු ද යන්න ඇතැමුන් සිතද්දී තවත් පිරිසක් තවමත් නිවැරදිව මුහුණු ආවරණයක් පළඳින බව නොපෙනේ.

කෙසේ වෙතත් පවතින තත්වය අනුව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට නම් නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම නිවැරදි අයුරින් මුහුණු ආවරණයක් පැළඳ සිටීම කළ යුතුය. මෙහිදී නිසි ප්‍රමිතියෙන් යුත් මුහුණු ආවරණයක් තෝරාගැනීම ද වැදගත් වේ.

ඔබ පළඳින්නේ කේ.එන්95 වර්ගයේ මුව ආවරණයක් නම් එය නිවැරදිව මුහුණට සියලු දාර ස්පර්ශ වී ඇති ආකාරයට පළඳින්නේ නම් එය මතින් අමතර මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවයක් නැත.

නමුත් සර්ජිකල් වර්ගයේ මුහුණු ආවරණයක් (Surgical mask) භාවිතයේ දී මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම දක්නට ලැබේ. ඒ නිසා ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, ඇතිවන හිඩැස් අවම කරගත හැක. මේ වන විට වෛද්‍යවරුන් ද මෙය වඩා ආරක්ෂාකාරී බව පවසා තිබේ.

රෙදි මුව ආවරණයක් පැළඳීම, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවා ට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක් වන නමුත් රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි ඇති ස්තර ගණන මෙන්ම එය සාදා ඇති අමුද්‍රව්‍ය මත තීරණය වේ. ඒ නිසා ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැකි අතර රෙදි ආවරණයක් පමණක් පැළඳීම ප්‍රමාණවත් නොවිය හැක.

එමෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටින අවස්ථාවේදී මෙන්ම නොපැළඳ සිටින විටත් මුහුණ ඇල්ලීමෙන් හැකි පමණ වැළකී සිටිය යුතුය. මුහුණ ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එය කළ යුත්තේ සබන් යොදා දෑත් සේදීමෙන් අනතුරුවය. මුහුණු ආවරණය පැළඳ සිටින විට එහි පිටත ස්පර්ශ කිරීම ද ‍නොකළ යුතුය.

එමෙන්ම මුහුණු ආවරණය ගෙල ප්‍රදේශයේ රැඳවීමෙන් ද ගෙල, නිකට ආදී ස්ථානවල රැඳුණු විෂබීජ එහි තැවරීමේ අවදානමක් පවතී. මුහුණු ආවරණය අතරින් හිඩැස් නොපවතින සේ පැළඳීම ද වැදගත් වන අතර එසේ නොකළහොත් නිසි ලෙස පෙරීමකින් තොරව ‍වයිරස් සහිත වාතය ඔබගේ ශරීරයට ඇතුළුවීමේ අවදානමක් මතුවේ.

මුහුණ ආවරණය නිවැරදිව පළඳා ඇත්නම් හුස්ම ගන්නා අවස්ථාවේදී මුහුණු ආවරණය හැකිලීම සහ හුස්ම පිටකරද්දි පිම්බීම සිදුවන්නේ නම් ඔබ එය නිවැරදිව පැළඳ ඇත.

ඩයනා උදයංගනී
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
ලබාදුන් තොරතුරු ඇසුරිනි

Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 598 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 188 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 220 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 158 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 174 Views
Top