සංචරණ සීමා ලිහිල් වුවද අවධානයෙන් කටයුතු කරන්න - සෞඛ්‍ය අංශ ඉල්ලයි
Monday, 21 June 2021 - 10:23 | Views - 708
සංචරණ සීමා ලිහිල් කළ ද රට තුළින් ඉන්දියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් හමුවී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරමින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ දෙමටගොඩ - ආරාමය පෙදෙසින් ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

ඊයේ (20) දිනයේදීත් මෙරටින් නව ආසාදිතයන් 2,028ක් හඳුනාගැනීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 39,689 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2008 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 20 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 35,766 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව දෙලක්ෂ 1,389 ක්.

මේ අතර පසුගිය 19 වනදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 47 ක් වාර්තාකිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,581 ක් දක්වා ඉහළ ගියා.

මියගිය 47 දෙනාගෙන් 27 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 20 දෙනෙකුද ඊට ඇතුළත්.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 14 ලක්ෂ 37,112 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් හාරලක්ෂ 42,657 කට ලබාදී තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ 844 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ තලවකැලේ ප්‍රදේශයේ උත්සවශාලාවක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වූ හත්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් අතර තලවකැලේ - ලිදුල නගර සභාවේ සභාපතිවරයාද වනවා.

ඊට අමතරව ගිරිබාව ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රක්ෂිතයක් හෙළි පෙහෙළි කරමින් සිටි හතරදෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.


Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 600 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 300 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 250 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 189 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 178 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 159 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 175 Views
Top