අලුයම ඉවත් වුණු සංචරණ සීමා හා නැවත හුදෙකලා වුණු තැන්
Monday, 21 June 2021 - 9:18 | Views - 603
අද අළුයම 4ට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරුණ ද දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හුදකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කලේ.

ඒ අනුව අද අළුයම හතරේ සිට බලපැවැත්වෙන පරිදි ඩෙල්ටා නව ප්‍රභේදය හඳුනා ගැනුණු දෙමටගොඩ පොලිස් වසමේ ආරාමය පෙදෙස, 66 වත්ත, කළුතර - උතුර පොලිස් වසමේ මහවස්කඩුව - දකුණ, කළුතර - දකුණ පොලිස් වසමේ මින්නේරිතැන්න සුනාමි ගම්මානය හුදෙකලා කර තිබෙනවා.

ගම්පහ - බියගම පොලිස් වසමේ යටියන, මීගහවත්ත පොලිස් වසමේ සියඹලාපේ වත්ත, කිරිබත්ගොඩ - නාහේන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ගාල්ල - ඉඳුරුව පොලිස් වසමේ ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම, මාතර - වැලිගම පොලිස් වසමේ පැලෑන දකුණ ද මෙලෙස හුදකලා කර තිබෙන ප්‍රදේශ වලට අයත් .

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් වසමේ දාපනේ, රත්නපුර පොලිස් වසමේ කැලඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලෙකන්දවත්ත සහ කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කර තිබෙනවා.

මාතලේ - මහවෙල පොලිස් වසමේ දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල - උතුර, යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම ලග්ගල පොලිස් වසමේ කිවුලවාඩිය සහ ගුරුවෙල යන ග්‍රාම නිලධාරී වසම් ද අද අළුයම සිට හුදෙකලා කෙරුනා.

පුත්තලම දිස්ත්‍රික්කයේ හුදෙකලා කෙරෙනු ලැබුවේ මාදම්පේ පොලිස් වසමට අයත් මරක්කලගම ග්‍රාම නිලධාරී වසමයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන පොලිස් වසමේ කැරොලිනා වතුයායට අයත් කඩවල වත්ත කොටස, අද අළුයම සිට හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත්.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි පොලිස් වසමේ නව වලතපිටිය ගම්මානය, මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් පොලිස් වසමේ එරාවූර් ග්‍රාම නිලධාරී වසම, වාලච්චේන පොලිස් වසමේ මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර, මැන්චකෝලායි බදුරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කල බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි පොලිස් වසමේ සාවටිකඩ්ඩු ග්‍රාම නිලධාරී වසම ද මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

එසේම දිස්ත්‍රික්ක 12කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 82ක් ද අද අළුයම 4 සිට හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙනු ලැබුවා.

කොරෝනා තුන්වන රැල්ලේ ආරම්භය සමඟ මාසයක කාලයක් මුළු දිවයිනටම සංචරණ සීමා පනවා අදට මාසයක කාලයක් සම්පූර්ණ වනවා.

මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේදැයි සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,865 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 599 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 299 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 249 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 189 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 176 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 159 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 175 Views
Top