''රට අරින්නේ බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණයි " - හමුදාපති
Tuesday, 08 June 2021 - 13:31 | Views - 23,514
පවතින බරපතල කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ පැනවූ සංචරණ සීමා ලිහිල් කිරීම විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් සිදුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

දැනට පවතින නිර්දේශයන්ට අනුව  සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදායි.

මෙතෙක් හුදෙකලා කළ ග්‍රාමසේවා වසම්වලින් ග්‍රාම සේවා වසම් 77ක හුදෙකලාභාවය ඉවත් කළද එම ප්‍රදේශවල ජනතාවට තවදුරටත් සංචරණය සඳහා අවසර හිමිනොවන බව හමුදාපතිවරයා පවසා සිටියා.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ එම ප්‍රදේශවල තවදුරටත් කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් පැවතීමයි.

මේ අතර ජුනි මස 10 සහ 11 වැනිදා විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව පහසුකම් සැපයීම සඳහා වැඩ පිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව  ත්‍රිවිධ හමුදාවට අයත් බස්රථ සහ ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදාගනිමින් විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට මේ අනුව කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,868 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
මම කැමති නෑ වෘත්තීය නළුවෙක් වෙන්න. එතකොට රඟපාන්නට ලැබෙන සෑම චරිතයක්ම කරන්න ඕනේ....
Hiru Tv Blog
“අහස් මාලිගා” නාට්‍යයේ රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නෙ. මගේ...
Hiru Tv Blog
කාවින්ද්‍යා අධිකාරි කිව්වම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 600 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 300 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 251 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 189 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 221 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 178 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 160 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 175 Views
Top